(අංජුල මහික වීරරත්න)
ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ ෆේස්බුක් රැල්ලක් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
රටේ පාලන බලය ජනතා විමුක්ති පෙරමුණට දීමට තරම් මෙරට ජනතාව මෝඩ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු වුවත් එක්වරම එය කළ කළ නොහැකි බවද අමාත්‍යවරයා කීය.
ප්‍රසන්න රණතුංග මහතා මේ බව කීවෙි මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට අද(15) සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.
ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදීමට පොහොට්ටුව තීරණය කළහොත් ඔබ හිටගන්නේ කොයි පැත්තේ දැයි මෙහිදී මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රණතුංග මහතා කීවේ පක්ෂය මතය ඉදිරිපත් කළ යුත්තේ පුද්ගලයෙක් පදනම් කරගෙන බැවින් ඒ පුද්ගලයා අනුව තම මතය ඉදිරිපත් කරන බවයි.
2025 දෙසැම්බර් මස 18
233
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජවිපෙට පාලනය දෙන්න තරම් මිනිස්සු මෝඩ නෑ
ana Thursday, 15 February 2024 03:55 PM
අපොයි මෙච්චර කාලෙකට තෝර ගත්තු බුද්ධිමත්තු .........
මෝඩ Thursday, 15 February 2024 03:56 PM
මොකද ජනතාව මෝඩ නැත්තෙ.ජනතාව මෝඩ නැත්නම් 2019 දී පොහොට්ටුවට බලය දෙයිද?. ඒ ජනතාවගෙන් බහුතරයක් තමයි දැන් ජවිපෙ බලයට ගේන්නත් සැදී පැහැදී ඉන්නෙ.
Deshapriyadwn Thursday, 15 February 2024 06:16 PM
හිරේ ඉන්න ඕන අය පාර්ලිමේන්තුවට යවපු අය තමයි මෝඩ...
Pankumburage Friday, 16 February 2024 03:07 AM
කප්පම් කාරයින්ට දෙන්න මෝඩ වෙයිද දන්නෙ නැහැ.
Chathuri Friday, 16 February 2024 06:59 AM
ෆේස් බුක් යන්න දන්නවද. අනුරට කුමාරට දෙන්නෙ නැතිව අලියන්ටම දෙමුරට කරන්න. මෝලේ තියෙන කට්ටියනෙ. මුන්ට මේ පොඩි රට පාලනය කරන්නෙ කොහොමද තමන්ගෙ යටතේ තියන ආයතනය පාලනය කරන්න බැරි හරක් රෑන අනුන්ගෙ දේ හොරෙන් කන්නයි රටේදේ හොරෙන් කන්නයි විතරයි දන්නෙ. දැන් මෙයාට රස්නේ ඕනලු වැඩ කරන්න. සීතල කාමර එපාලු. මුන්ව තාච්චියට දාලා. ගොරකා ලුනුත් එක්ක හොදට ගින්දර දාලා තම්බන්න ඕන. මද ගින්දරෙ
සල්ලි Friday, 16 February 2024 08:02 AM
උඹලාව පත් කරලා තියෙන්නේ පක්ශ අතර ප්‍රශ්න පත්තරවල දාන්න නෙමේ. උබේ වගකීම දන්නේ නැතිද? මේ මහජන මුදල් අවභාවිතය නෙමේද?
අබිලින් Friday, 16 February 2024 08:10 AM
විහිලු කරන්න එපා ලොක්කා මිනිස්සු මෝඩ නැත්නම් 2019 නයි නටවා දේශපාලනයේ හයක් හතරක් නොදන්නා ගෝඨාභය ජනාධිපති කරන්නෙ නැහැනේ
වීර Friday, 16 February 2024 08:23 AM
කප්පං කන වලත්තයෙකුට දෙන්න තරම් මිනිස්සු බුද්ධිමත් කියලද නීච බත් බැලයගෙ පුතෝ ඔය කියන්නෙ?
J R Randeniya Friday, 16 February 2024 09:06 AM
නෑ අපි මෝඩයි. උන්ට තමයි දෙන්නෙ. උන් කප්පම් ගන්නව, හොරකම් කරනව නේ. අපි ඒවට කැමතියි.
nimal Friday, 16 February 2024 09:19 AM
ඔයාලා තමයි ඥානවන්තයෝ .ඒ නිසානේ රට බංකොලොත් උනේ
Chinthaka Friday, 16 February 2024 09:52 AM
ඒ වගේම කප්පම් කාරයින්ව අයෙත් මැතිසබයට යවන්න තරම් මිනිස්සු මොඩත් නැහැ
Asanga Friday, 16 February 2024 12:00 PM
ඔයගැනවත් බය තිබ්බොත් ඇති මාලිමාවට... මේකද තව ටික කාලයයිනේ ඔය කෙරුවාව තියෙන්නේ...!
Darshana Friday, 16 February 2024 12:12 PM
ඔව් මහත්තයෝ අපි වගේ මූසල ජනතාවක් ලෝකේ කොහේවත් නැතුව ඇති. හොරකම් මැරකම් ජඩකම් දැක දැක ඔබතුමන්ලාට 76 වසරක් ඡන්දේ දීපු අපි අමන ජනතාවක්...