
(දයාරත්න ඇඹෝගම)
ජීවන වියදම පහත දමන ලෙස ඉල්ලා ජාතික ජනබල වේගය පක්ෂය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අනුරාධපුර,ශ්‍රාවස්තිපුර හන්දියේදි පැවැත්වුණි.
ජාතික ජනබල වේගයේ පාක්ෂිකයන් හා ශ්‍රාවස්තිපුර ප්‍රදේශවාසින් රැසක් පන්දම් දල්වා ගෙන භාණ්ඩ මිල අඩුකරන ලෙසත්,පාසල් උපකරණ මිල පහත දමන ලෙසත් සමාජ මාධ්‍ය පනත හකුලා ගන්නා ලෙසත් රජයට බල කරමින් දිර්ඝ වේලාවක් සාමකාමි උද්ඝෝෂණයක නිරත වුහ.
වැට් බදු වැඩි කරමින් ජනතාවට ඔරොත්තු නොදෙන ආකාරයට ජීවන වියදම ඉහළ දැමු මෙම ජන පීඩන ආණ්ඩුව පලවා හැරිය යුතු බව මෙම උද්ඝෝෂණයේදි අදහස් දක්වමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කළ ජාතික ජනබල වේගයේ අනුරාධපුර නැගෙනහිර සංවිධායක කුමුදු ප්‍රියන්ත මහතා පැවසිය.

2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජීවන වියදම පහළ දමන්නැයි පන්දම් විරෝධයක්
Lal Tuesday, 30 January 2024 12:05 PM
රෝහණ විජේවීර සහෝදරයා බලාපොරොත්තු වූ පූර්ණ සමාජ වාදය වෙනුවෙන් නැවත පෙරට එමු - JVP අපි
LeelasenaWednesday, 31 January 2024 06:28 AM
ලාල් කුණුහරුප කියන්න එපා... උන්දැලා 1971 ඇතිකළ අරගලය නිසා අපි අනන්තවත් දුක් වින්දා... ඊළඟට 1988/89 අරගලය නිසා නැවතත් දුක් වින්දා... එයාගේ කැමැත්ත තිබුණා කියන්නේ සියලු වයසක උදවිය මරාගෙන රටේ සංවර්ධනය කරන්න කියලා අපි අහලා තියෙනවා. රටේ සංවර්ධනය ගැන හිතපු කෙනෙක් රටේ සම්පත් විනාශ කරමින් තමන් පමණක් විශාල වශයෙන් දේපළ රැස්කර වතුහිමියෙක් වගේ සුඛෝපභෝගි ජීවිතයක් ගෙවයිද? හරි කෙනෙක් නම් මාවෝසේතුං වගේ දුක්විඳ ජනතාව හා රට ගැන හිතන්න ඕනෑ...ඔයා ඒකට සහෝදරයා කිව්වාට උන්දෑ හිටියේ වැඩවසම් යුගයේ ඉහළ පෙළ රදළයෙක් වගේම තමයි... ගිනි පෙනෙල්ලෙන් බැටකාපු අපි කණාමැදිරියටත් බයයි ලාල්, ඒත් ගිනිපෙනෙලි අරගෙන මිනිසුන්ට බැටදුන් ලාල් වගේ අයට එම අමාරුකම් තේරුම් ගන්න බැහැ...!
Kumara Tuesday, 30 January 2024 12:59 PM
ජනතාවගේ දුක තේරුම් ගන්න පුළුවන් නායකත්වයක් තියෙන්නේ මාලිමාවේ විතරයි.
Sanath Tuesday, 30 January 2024 01:00 PM
ජනතාවනි, මාලිමාව වටා රොක් වෙමු. හොරු පන්නමු.
කමල් Tuesday, 30 January 2024 01:08 PM
තොපිට ලැබිල තියන අන්තිම අවස්තාව එන ජනාධිපතිවරණයයි.හදවතින් නැතුව මොලේ කල්පනා කරලා චන්දෙ දීපල්ලා .එහෙම නැතුව මේ පාරත් අන්ධ ලෙස වැඩ කරලා වැඩේ අනාගත්තොත් වැඩ වර්ජන ,උද්ඝෝෂණ ,පෙළපාලි තියන්නයි ,අරවා මෙහෙමයි මේවා මෙහෙමයි කියලා හමිනෙන්න හදන්නත් එපා.
Frencis jayavardhana Wednesday, 31 January 2024 07:16 AM
අනේ මෙහෙමත් මෝඩයෝ රැලක් කියන්න ඕනෑ පන්දම් විලක්කු දල්වා ගත්තාම අවට වායුගෝලය තවත් රත්වෙනවා.. එතකොට ඉහළ ගිය දෙයක් තියෙනවා නම් තවතවත් ඉහළම යනවා මිස පහළට එන්නේ නම් නැහැ. ඉතින් පන්දම් විලක්කු ඇල්ලුවා කියලා ජීවන වියදම් අඩුවෙන්නෙත් නැහැ කරන්න ඕනෑ නිෂ්පාදනය වැඩිකිරීම තමයි. නිෂ්පාදනය වැඩිකරන්න උද්ඝෝෂණය කරලා. පන්දම් අල්ලලා කියව කියවා ඉඳලා සියල්ලම රජයෙන්ම දෙනතුරු බලාගෙන ඉඳලා බැහැ... අතපය වෙහෙසා වැඩ කරන්න ඕනෑ... මොවුන්ගේ ඉල්ලීම හරියට උස කන්දක් නගින්න ගිහිල්ලා නගින්න අමාරුයි.. කඳුමුදුන පහළට ගෙනෙව් ගෙනෙව් කියනවා වගේම වැඩක් තමයි...