(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ජීවන වියදම ඉහළ යාම, බදු බර ඉහළ දැමීම, විදුලි ගාස්තු වැඩි කිරීම ඇතුළු ජනතා ජීවිතයට බලපාන ප්‍රශ්න සඳහා ඉක්මන් විසඳුම් ලබාදීමට රජයට බලකරන විරෝධතාවයක් අද 14 පස්වරුවේ මීරිගම බස් නැවතුම්පොළ සමීපයේ දී පැවැත්විණි.
සමගි ජන බලවේගයේ මීරිගම ප්‍රධාන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී උපුල් දේවවනවාස මහතා සහ සහාය සංවිධායක ම.ආ. පියතිලක මහතා ඇතුළු ක්‍රියාකාරීන් විසින් මෙම විරෝධතාවය සංවිධානය කරනු ලැබීය.
ජීවන වියදම ඉහළ යාමත් උගතුන් රට හැර හැර යාමත් වලක්වා රට ස්වයංපෝෂිත කිරීම සඳහා පවත්නා රජය පෙරලා දමා සමගි ජනබලවේගයේ රජයක් පිහිටුවා ගැනීමට එක්වන ලෙසට විරෝධතා කරුවෝ මෙහිදී ජනතාවට ආයාචනයක්ද කළහ.
v
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ජීවන වියදමට එරෙහිව මහාපාරට