IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජුලි 31ට අවසන් කළ හැකි වැඩ පමණක් අරඹන්න

(අංජුල මහික වීරරත්න)

කොවිඩ් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් වසර තුනකට අධික කාලයක් නතරව තිබූ මෙරට සංවර්ධනය යළි ඇරැඹූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

එම සංවර්ධන වැඩ සඳහා  රාජ්‍ය යන්ත්‍රණයේ උපරිම සහයෝගය අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කීය.

පළාතට, දිස්ත්‍රක්කයට හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගැලපෙන සංවර්ධන ව්‍යාපෘති හදුනා ගැනීම දිස්ත්‍රික් සම්බන්ධිකරණ හා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවල වගකීම බවද සඳහන් කළ ඇමතිවරයා එම සංවර්ධන කටයුතු හදුනා ගැනීමේදී මහජන අදහස් හා යෝජනා ලබා ගත යුතු බවද කියා සිටියේය. 

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කීවෙි  මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී කදුකර දශකය සංවර්ධන වැඩසටහන පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්. මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එය පැවැත්විණි.    

ජුලි මස 31 වැනිදාට අවසන් කිරීමට හැකි ව්‍යාපෘති පමණක් සිදු කරන ලෙසද අමාත්‍යාවරයා මෙහිදී අවධාරණය කළේය.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව  එහි සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

 



අදහස් (0)

ජුලි 31ට අවසන් කළ හැකි වැඩ පමණක් අරඹන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site