IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජල සැපයුම ක්‍රම 6ක මුර ක්‍රමයකට

 (නිමල කොඩිතුවක්කු)

වියලි කාලගුණය හේතුවෙන් ජල සම්පාදන ක්‍රම 6ක මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර ගෙන ඇති බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කරයි.

ඒ අනුව  ගම්පලවත්ත, පුස්සැල්ලාව, කොටගල, පුස්සැල්ල, හැටන් හා ඌරුබොක්ක යන ප්‍රදේශවල මෙලෙස මුර ක්‍රමයට ජලය සම්පාදනය කරන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි(සංවර්ධන) අනෝජා කළුආරච්චි මහත්මිය  පැවසුවාය.

මෙයට අමතරව ජල සම්පාදන ක්‍රම 15ක ජල සැපයුමට බාධා එල්ල වී ඇති බවත් කළමණාකරනය කරමින් එම ප්‍රදේශවලට ජලය නිකුත් කරන බවත් ඇය සඳහන් කළාය.

මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර ගෙන ඇති ප්‍රදේශවල ඇතැම් ප්‍රාදේශීය බෙදාහැරීම් මධ්‍යස්ථාන වල ජලය බෙදාහැරීම නිශ්චිත කාලසටහනක් අනුව සිදුකරන බවත් කළුආරච්චි මහත්මිය පැවසුවාය.

අවශ්‍යනම්  ජල බවුසර යොදාගෙන ජලය බෙදා හැරීමට හැකියාව පවතින බවත් ඒ සඳහා බවුසර් 150 ක් සූදානමින් පවතින බවත් ඇය සඳහන් කළාය.

ජලය සැපයීමේදී යම් ගැටලුවක් මතුවුවහොත 1939 ට දැනුම්දීමක් සිදුකරන ලෙස ඉල්ලීමක් කරන බවත් ඇය තවදුරටත් කීවාය.

 



අදහස් (0)

ජල සැපයුම ක්‍රම 6ක මුර ක්‍රමයකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site