(සුජිත් හේවාජුලිගේ)
රටේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් මරණ 30 ක් පමණ මේ මාසයේදී වාර්තාවී ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය.
කොවිඩ් මරණවල යම් වැඩිවීමක් පෙනෙන්නට ඇති හෙයින් ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් පරිස්සම්කාරී ලෙස කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.
කොවිඩ් එන්නතේ තුන්වෙනි මාත්‍රාව( බූස්ටර් ) එම එන්නත ලබාගත හැකි ජනතාවගෙන් සියයට පනහක පමණ පිරිසක් මෙතෙක් ලබා ගෙන නැතැයි සඳහන් කළ හම්දානි මහතා වයස 60ට වැඩි ලක්ෂ 10 ක පමණ පිරිසක්ද එම මාත්‍රාව ලබා ගෙන නැති බව සඳහන් කළේය.
ඇතැම් පිරිස් පළමු මාත්‍රාව පවා ලබාගෙන නැති බව වෛද්‍යවරයා පැවසූවේය.
විශේෂයෙන්ම පොදු ස්ථානවලදී මුව ආවරණ පැළඳ සිටීම ඉතා වැදගත් බවත් උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පවතී නම් සෞඛ්‍ය නීතිවලට අනුකූලව නිවෙස්වලටමවී කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් අන්වර් හම්දානි මහතා වැඩිදුරටත් පැවසීය.
දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව උණ පවතින්නේ නම් පාසල් යැවීමෙන් වළකින ලෙසද ඔහු මවුපියන්ගෙන් ඉල්ලීමක් කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ජූලි මාසයේ කොරෝනා මරණ 30ක්
maduranga Sunday, 31 July 2022 07:13 PM
වහා අවධානය යොමු කළ යුතුයි. තෙල් පෝලිම් නිසා තත්ත්වය වඩාත් භයානක විය හැකිය.