IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජල මණ්ඩලය සුද්දෙකුට කෝටි 54ක් පුදලා



(සුජිත් හේවාජුලිගේ )

ජල සම්පත් මණ්ඩලයේ  දත්ත මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක් ඉදිකිරීම අතරමග නතරවීමෙන් නෙදර්ලන්ත  කොන්ත්‍රාත්කරුට ගෙවා තිබූ රුපියල් කෝටි 54 කට වැඩි  අත්තිකාරම් මුදල නාස්තිවී ගොස් තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට නියමිතව තිබී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් බත්තරමුල්ලේ ඉඩමක  බව එම වාර්තාවේ දැක්වේ.

මෙම ආත්තිකාරම් මුදල ගෙවීමෙන් පසු ඉඩමේ හිමිකාරීත්වය ලැබී නොතිබීම හේතුවෙන් දත්ත මධ්‍යස්ථානය ඉදිකිරීම අතරමග නතර වී තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

දත්ත මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 25 ක් වෙන්කර තිබූ අතර රුපියල් කෝටි තිස් දෙකක අවිනිශ්චිත වෙන් කිරීම් ද දත්ත මධ්‍යස්ථානය සඳහා භාවිත කිරීමට තීරණය කර තිබූ බව වාර්තාව සඳහන් කරයි.

මේ අතර ජල සම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට අදාළ කෙටුම්පත පිළියෙල කිරීම සඳහා පෞද්ගලික නීතිඥයෙකු සහ නීතිඥ සමාගමක සේවය ලබාගෙන
මිලියන 0.645ක් ගෙවා තිබුණද එම කාර්යය ඉටුකර නොතිබූ බව වාර්තාව සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය  ජල සම්පත් මණ්ඩලයට අදාළව නිකුත් කළ විගණන වාර්තාවේය.



අදහස් (5)

ජල මණ්ඩලය සුද්දෙකුට කෝටි 54ක් පුදලා

පිටරටවැසියා Friday, 31 January 2025 09:10 AM

පළපුරුද්ද වැඩිකමට වෙන්න ඇති මෙහෙම වෙන්න ඇත්තේ?

:       3       15

Perera Friday, 31 January 2025 09:11 AM

වැඩක් නොකර කුට්ටියක් කඩාගන්න සැලැස්මක එක අංගයක් වගේ ඉඩමේ හිමිකාරීත්වය නොතිබීම.

:       0       12

ආසිරි Friday, 31 January 2025 10:11 AM

ලංකාවේ මෙච්චර සමාගම් තියෙද්දී... නෙදර්ලන්ත සමාගම් වලට දෙන්නේ මොකටද කොන්ත්‍රාත්..?

:       0       15

Lalla Friday, 31 January 2025 10:41 AM

ඔය ගොඩනැල්ල හදන්න ලංකාවේ සමාගම්වලට බැරිකම මොකක්ද? මණ්ඩලයේ ලොක්කන්ට විදේශීය සංචාර දෙන්න අපේ සමාගම් බෑ කියලාද?

:       0       14

himal Friday, 31 January 2025 02:41 PM

දැන් මේ පුවතේම තියෙනවා.... ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට අයත් කියලා. එතකොට රජයේ ආයතන දෙකක් අතර පවා ඉඩමක් හුවමාරු කරගන්න තියෙන කරදරය පේනවනේ. අනික මේ පුවතේ දාලා නෑ... අත්තිකාරමක් ගෙවන කොට ඒකට ඇපයක් ගන්නවා.. ඒකට මොකද වුනේ කියලා...?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site