IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජල පහරට හසුව ගසාගෙන ගිය කතක් ගසක අත්තක එල්ලී බේරිලා

 (තිලකරත්න දිසානායක.)

ගම්පහ  - මිනුවන්ගොඩ පැරණි මාර්ගයේ යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටි 24 හැවිරිදි කාන්තාවක අස්ගිරිය  වයි හන්දිය අසලදී අත්තනගලු ඔයෙහි ජල පහරට හසුව ගසාගෙන යමින් සිටියදී ගසක අත්තක එල්ලී දිවි ගලවාගෙන ඇතැයි පොලිසිය පවසයි.

උඩුගම්පොල , කෙහෙල්බද්දදර ප්‍රදේශයේ කාන්තාවක් අත්තනගලු ඔයෙහි අස්ගිරිය සපත්තු පාලම හරහා යතුරුපැදිය ධාවනය කරමින් සිටියදී සැඩ පහරට හසුව ගසාගෙන ගිය අවස්ථාවේදී ගසක අත්තක එල්ලී දිවි ගලවාගෙන ඇති බවත් මෙහිදී යතුරු පැදිය ගසාගෙන ගොස් ඇති බවත් සිද්ධිය පිළිබඳ පැහැදිලි කරමින් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතා පැවසීය.

මෙම අනතුර සම්බන්ධයෙන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ප්‍රකාශ කර සිටියේ , මේ දිනවල අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් පැරණි මිනුවන්ගොඩ මාර්ගයේ ගමන් ගැනීමේදී සැලකිලිමත් විය යුතු බවය.



අදහස් (2)

ජල පහරට හසුව ගසාගෙන ගිය කතක් ගසක අත්තක එල්ලී බේරිලා

කිරිඇල්ල Friday, 03 November 2023 04:29 PM

අලුත් මිනුවන්ගොඩ කියලා එකකුත් තියෙනවාද? මිනුවන්ගොඩ පැරණි මාර්ගයේ කිව්වාම වඩා පැහැදිලි නැද්ද මේවායින් පේන්නේ සිංහල මිනිස්සු දුරදිග බලා කටයුතු නොකරන බව තමයි. මම අත් දැක්ක දෙයක් කියන්නම්... මේක මාර්ග අංක 600 සම්බන්ධ එකක් ඒ මාර්ගය ආසන්න සුළු නගරයේ සිට යාබද ග්‍රාම සේවාවසම තමයි... ඉතින් අවුරුදු හැටකට හැත්තෑවකට පෙර ඒ ගමට බසයක් යෙදුවා... ඊළඟට එහා ගමට දීර්ඝ කළා... ඔහොම ගිහිල්ලා කිලෝමීටර් 15ක පමණ දුර තවත් නගරයක් දක්වා මාර්ගය සංවර්ධනය වුණා... දැනට හොඳින්ම කාපට් කළ මාර්ගයක් වුණත් මාර්ගයේ දෙකෙලවර සම්බන්ධ කර මාර්ගය නම් කළයුතු වුණත් තවමත් කියන්නේ අවුරුදු හැට හැත්තෑවකට පෙර කියූ නම තමයි. ඕන කෙනෙක් ගූගල් බලන්න ඒකේ තියෙන්නේ එහෙම තමයි...

:       7       4

Bunny Preena Saturday, 04 November 2023 09:20 AM

කාන්තාව ආයෙත් ජීවිතයටම ඔය වගේ මෝඩකම් කරන එකක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site