IMG-LOGO

ජල ගාස්තුව 1 වැනිදා සිට ඉහළට

 

(සුජිත් හේවාජුලිගේ සහ යොහාන් භාසුර)

ජල ගාස්තු ලබන සැප්තැම්බර් 1 වැනිදා සිට ඉහළ නැංවීමට තීරණය ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියකු පැවසීය.

ඒ අනුව ජල ගාස්තුව සියයට 70 ත් 90 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට නියමිත බවත් සේවා ගාස්තුව වැඩි ප්‍රතිශතයකින් ඉහළ දැමීමට නියමිත බවත් එම නිලධාරියා සඳහන් කළේය.

ජල ගාස්තු ඉහළ දැමීම ජනතාවට බරක් නොවන ආකරයට ක්‍රියාත්මක කිරීමට උපරිමයෙන් කටයුතු කළ බවත් එහිදී අඩු ආදායම් ලාභීන් පිළිබඳව ද අවධානය යොමු කළ බවත් එම නිලධාරියා කීය.  

ජල ගාස්තුව අගෝස්තු මස 15 වැනිදා සිට ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණ ද එය සැප්තැම්බර් මස 15 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව කී එම නිලධාරියා සැප්තැම්බර් මස 1 වැනිදා සිට ගාස්තුව ඉහළ දැමීම ක්‍රියාත්මක කළ හොත් අගෝස්තු මස පාවිච්චි කළ ජලය සඳහා ද වැඩි වූ ගාස්තු අයකිරීමට සිදුවන නිසා 15 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.

ජල සම්පාදන සේවා ගාස්තුව ජල පරිභෝජන ඒකක සංඛ්‍යාව අනුව තීරණය වන අතර සේවා ගාස්තුව මීට පෙර රුපියල් 50 සිට රුපියල් 1600 ක් දක්වා පැවතුණි.

ජල ගාස්තු ඉහළ දැමීමට අදාල ගැසට් නිවේදනයට ජල ස්මපාදන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්සන් තබා ඇති අතර එම නිවේදනය අද (26) රාත්‍රී නිකුත් කිරීමට නියමිතව තිබුණි.



අදහස් (4)

ජල ගාස්තුව 1 වැනිදා සිට ඉහළට

බද්රානි Friday, 26 August 2022 06:43 PM

සමහරවිට ජල බිල්පත් වැඩි කරන්නේ ඩොලරයට සාපේක්ෂව වෙන්න ඇති. අපි නොදන්නවා උනාට රටේ වතුරත් දැන් ආනයනික භාණ්ඩයක් වෙලාද කියන එක කවුද දන්නේ? (චීනෙට විකුණලා) මොනා උනත් මේ රටේ එවුන් මීට වසර දෙකහමාරකට කලින් නටපු නැටිල්ලට වතුර බිලත් තව තුන් හතර ගුණයකින් වැඩි කරලා, QR කේතයකට අනුව සීමා කරලා ලබා දිය යුතුයි කියලයි මම නම් කියන්නේ. හොඳ වැඩේ!!

:       0       4

Nilu Friday, 26 August 2022 08:22 PM

ඔබතුමාගේ හිඟ ජල බිල්පත් ගෙවලා හිටියානම් මොකද?

:       0       4

Nilu Friday, 26 August 2022 10:09 PM

ඇමතිතුමෝ ඔබතුමා ඇතුළු ජල බිල්පත් නොගෙවපු සියළුම ඇමැතිවරු, ජල බිල්පපත්මුලින්ම ගෙව්වා නම් හරි නේද.

:       0       4

RRJ Bandara Saturday, 27 August 2022 07:52 AM

රටේ ආර්ථිකය වැටෙනවා කියලා සියලු බිල් වැඩි කරගෙන යනවා. එතකොට ජනතාවගේ ආර්ථිකයට මොකද වෙලා තියෙන්නෙ කියලා හිතන්න කිසි කෙනෙක් නෑ. දේශපාලකයින්ගේ දීමනා ඔවුන් විසින්ම වැඩිකරගෙන. ජනතාව අද අන්ත දුක්ඛිත තත්ත්වයකට පත්වෙලා.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 354 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 524 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 219 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site