IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජල ගාස්තුවටත් සූත්‍රයක්

(අංජුල මහික වීරරත්න)

ජල ගාස්තුව සඳහා සූත්‍රයක් හඳුන්වා දීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ආසියානු සංවර්ධන බැංකු (ADB) සමඟ එක්ව කරන සහයෝගී ප්‍රයත්නයක් ලෙස මෙම පිරිවැය ප්‍රතිසාධන සූත්‍රය හඳුන්වා දෙන බවද ඇමැතිවරයා කීය.

ජල ගාස්තු සූත්‍රය හඳුන්වාදීමේ අරමුණ  සමාජයේ අවදානමට ලක්විය හැකි සමෘද්ධි සහ අස්වසුම වැනි සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන් යටතේ ආවරණය වන ජන කොටස් ආරක්ෂා කරන අතරම ජලය සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීමයැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

 ජල සම්පාදන මණ්ඩලය විසින් ලබා දී ඇති මිලියන 2.96 ක් පමණ වන ජල සම්බන්ධතා අතරින් වතු අංශය යටතේ ග්‍රාමීය ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුවට අයත් ජල සම්බන්ධතා මෙම මිල සූත්‍ර ක්‍රමවේදය යටතට ගැනීමට සූදානමක් නැතැයි ද ජීවන් තොණ්ඩමන් මහතා සඳහන් කළේය.

 මෙම වසර ඇතුලත ජල ගාස්තුවේ කිසිඳු  සංශෝධනයක්  නොකරන බවට සහතික වන්නේ යැයි ද අමාත්‍යවරයා කීය. 

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මේ බව කීවෙි  ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (24) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.



අදහස් (1)

ජල ගාස්තුවටත් සූත්‍රයක්

Kazi Shajahan Wednesday, 25 October 2023 09:54 AM

ඔබලා එක එක සූත්තර ගෙනැල්ලා තවත් අපිට බර පටවනවා කාලකණ්ණි හැත්ත....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site