IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජල ක්‍රීඩාව පටිගත කරන්න ගිය කොරියානුවා ජීවිතයෙන් සමුගනී

(සුමිත් පොතුපිටිය)

තමන් ජල ක්‍රීඩාවේ යෙදෙන අයුරු ඩිජිටල් කැමරාවක පටිගත කිරීම සදහා උත්සාහ කල කොරියානු ජාතිකයකු  වාද්දුව පිහිනුම් තටාකයේ වැටී මියගොස් ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ දකුණු කොරියානු ජාතික කිම් මින්ග්සන් නමැති 43 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

වාද්දුව සංචාරක හෝටලයකට පැමිණ ඇති ඔහු අද උදෑසන පිහිනුම් තටාකයේ වැටී සිටින අයුරු විදුලි සේවකයකු දැක දැනුම් දීමෙන් පසු පරීක්ෂණ ආරම්භ කල බව පොලිසිය කීය.

පිහිනුම් තටාකයේ බැම්ම මත කැමරා ආධාරකයක් (ත්‍රයි පෝඩ්) තබා ඒ මත දෙපසම පටිගත වන අධි තාක්ෂණික ඩිජිටල් කැමරාවක් රදවා මුහුදු වෙරළ දෙස සිට පිහිණුම් තටාකයට පනින අයුරු කැමරාවේ පටිගතව ඇතැයිද පොලිසිය පවසයි .

අඩි 4 ක පමණ ගැඹුරක් ඇති ස්ථානයක ටයිල් කැටයක ඔහුගේ හිස වදින්නට ඇති බවට සැකපලකරන බවත් එහි මියගොස් ඇති තැනැත්තා ගේ බවට සැකකරන හිස කෙස් කොටස් රැදී ඇති බවත් පරීක්ෂණ සිදුකරන නිළධාරියෙක් කීය .

පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදුකර ඇති අතර , මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණි .



අදහස් (0)

ජල ක්‍රීඩාව පටිගත කරන්න ගිය කොරියානුවා ජීවිතයෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site