IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජෙරොම්ට එරෙහිව ඇල්ලේ ගුණවංශ හිමිගෙන් පෙත්සමක්

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

බුද්ධාගම ඇතුළු අනෙකුත් ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කළා යැයි පවසන දේවගැති ජෙරොම් ප්‍රනාන්දු වහාම අත් අඩංගුවට ගෙන විමර්ශන පවත්වා ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු ආගමික නායකයන් සය දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

ඇල්ලේ ගුණවංශ හිමි. බෙංගමුවේ නාලක හිමි, මවුලවි හසන් මොහොමඩ්, ස්වාමි රාමනාදන් කුරක්කල් ෂරිමා සහ ෂිහාන් කුරේ පියතුමා ඇතුළු සය දෙනකු විසින් ගොනුකර ඇති මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් නියෝජ්‍ය පොලිස්පති (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව), පොලිස්පති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

නීතිඥ අසෝකා නිවුන්හැල්ල මහත්මිය විසින් ගොනුකර ඇති මෙම පෙත්සමේ මෙසේද සඳහන් වේ.

බුදුන් වහන්සේට සහ බුදු දහමට මෙන්ම වෙනත් ආගම් කිහිපයකට අපහාස වන අයුරින් ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා පසුගියදා පැවති සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කිහිපයක් සිදු කර ඇත. මෙම ප්‍රකාශ වලට විරෝධය පා විවිධ ආගමික නායකයන් සිය විරෝධය එල්ල කර තිබේ. මෙම ප්‍රකාශ හේතුවෙන් ජාතීන් අතර භේදයක් ඇති වී ජාතික සංහිඳතාවය නැතිවේ. ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා අත් අඩංගුවට ගෙන මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් සිදු කළ යුතු වේ.

 

 



අදහස් (5)

ජෙරොම්ට එරෙහිව ඇල්ලේ ගුණවංශ හිමිගෙන් පෙත්සමක්

විපරමා Thursday, 18 May 2023 05:10 PM

අද රටේම ජනතාව මුහුණ දිලා තියෙන බරපතළම ප්‍රස්නේ ඕක වෙන්ඩැති .ඉස්සරහට චන්දයක්වත් එනවද ? දැන්ම තියාම සූදානම් වෙන්ඩ වගේ හදන්නේ?

:       1       1

Siri Thursday, 18 May 2023 05:22 PM

අපේ රටේ ඔය"පාස්ටර්" කියාගන්නා පුද්ගලයින් ඉන්නේ ජෙරොම් ප්‍රනාන්දු විතරක් නෙවේ. තවා බොහෝ දෙනා ඔය වැඩේ නිහඬව කරගෙන යති. ඒ සියලුම දෙනා දක්ෂ කථිකයෝ වෙති. මෙලෙස රට පුරා විසිරී ඉන්නා මේ සියලුම දෙනා අනික් ආගම් ගැන නොකියන දෙයක් නැත. හැබැයි බොහෝ විට මේ කට්ටිය කිසිදෙයක් ජෙරොම් ප්‍රනාන්දු වගේ ප්‍රසිද්ධියේ කියන්නේ නැත.ආර්ථික අමාරු ඇති ලොකු පවුලක් අල්ලගෙන මොනවා හරි බයිලාවක් ගසන ඔවුන් ප්‍රශ්නයෙන් බේරෙන්න ඇති එකම ක්‍රමය ඔවුන් සමග එක්වී යාඥා කිරීම බව කියති. මේ ගැටේට ලේසියෙන් අසුවන අහිංසකයෝ අපමනකි. පුදුමය කියන්නේ මේ කිසිකෙනෙක් මුස්ලිම් ආගමික අයට මේ කතා කියන බවක් පෙනෙන්නට නැති එකයි. ඒ ඉස්ලාම් භක්තිකයින් ළඟ බොහෝ විට තම ආගම මාරු කිරීමේ ප්‍රවනතාවයක් නැතිනිසා විය යුතුය. විටින් විට කරලියට එන ජෙරොම් ප්‍රනාන්දු වැන්නවුන් ගැන පමණක් කතා කරනු වෙනුවට මේ ජාතියේ අනෙක් "පාස්ටර්" වරුන් ගැනත් කතා බහක් ඇතිකලොත් ඇත්ත තත්වය එළිකර ගන්නට හැකිවෙනවා ඇති.

:       0       3

Channa Thursday, 18 May 2023 05:46 PM

බෞද්ධයෙක් වූ මට ආගම එපා වුනේ සමහර සන්ගයාගේ ජරා වැඩ නිසා මිසක් ජෙරෝම් නිසා නොවෙයි

:       1       0

සාර්කැස්ටික් Friday, 19 May 2023 08:53 AM

හාල්මැස්සන් කිලෝව රුපියල් 1000යි. පොල් ගෙඩිය 110යි. පලා මිටිය 80යි. බුලත් විටේ 60යි.

:       0       0

ගමේ එකාලා Friday, 19 May 2023 12:36 PM

ඇල්ලේ ගුණවන්සට අනුන්ගේ වැරදි පේනවා. චීවරය දාගත්තු උන් කරන කියන දේවල් හැසිරෙන හැටි පේන්නේ නැතුවා. උන්ගේ වැඩ නිසා අපිට පන්සලකටවත් යන්ඩ හිතෙන්නේ නැහැ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 524 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site