(රන්ජන් කටුගම්පොළ)
බුද්ධාගම ඇතුළු අන්‍ය ආගම් වලට අපහාස වන ප්‍රකාශ කරන ලදැයි චෝදනා ලැබ සිටින ජෙරොම් ප්‍රනාන්දු දේව ගැතිවරයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර නීතිපති උපදෙස් ලබාගැනීමට අවසර දීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ තීරණය කළේ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගාමිණි අමරසේකර, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම අධිකරණය සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කාර දෙව ගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්ශකුලරත්න මහතා කියා සිටියේ තම සේවා දායකයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඒ අනුව පෙත්සම සංශෝධනයට හෝ නව පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවසර ලබාදෙන ලෙසත්ය.
මේ අවස්ථාවේදී අධිකරණය ඇමතු නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් නීතිපතිවරයාගෙන් ලබා ගත යුතු බවත් ඊට අවසර ලබාදෙන ලෙසත්ය.
අධිකරණයෙන් ඊට අවසර ලැබිණ.
2025 දෙසැම්බර් මස 18
56
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
132
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
932
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජෙරොම්ගේ සිද්ධිය ගැන නීතිපති උපදෙස් ගන්න අවසර
Asanga thiththagalla gamage Wednesday, 13 December 2023 10:17 AM
අන්තිමට මෙයාව නිදොස් කොට නිදහාස් කරා කියයි