IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජෙරම්ගේ රැස්වීමට තහනම් නියෝගයක් දෙන්න

(ඉන්දිකා  රාමනායක)

බුදු රජාණන් වහන්සේට සහ බුදු දහමට  අපහාස  වන අයුරින් ප්‍රකාශයක්  සිදු කළ බව කියන දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ලබන 21 දින   ඔහුගේ මුලස්ථානයේ  අනුගාමිකයන්ගේ ඒකරාශි කරගනිමින් පැවැත්වීමට නියමිත  රැස්වීමට  එරෙහිව තහනම් නියෝගයක් ලබා ගන්නා ලෙසට ඉල්ලමින් පිවිතුරු හෙළ උරුමය  පක්ෂය  අද  (18) පෙරවරුවේ අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ප්‍රචාරක ලේකම් ඉරංග විද්වත් මෙන්ඩිස් මහතා  නීතිඥවරයකු සමග පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය.

පවුල් පිටින් මෙම  රැස්වීමට සහභාගි වන ලෙසට දේවගැතිවරයා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම මගින් ඉල්ලා ඇති බවද පිවිතුරු හෙළි උරුමය කළ පැමිණිල්ලේ සඳහන් වේ.

21 වන දින පවුල් පිටින් ඔහුගේ මුලස්ථානය වෙත පැමිණ  දේව මෙහෙයක් ලෙසින් ඔහු විසින් හදුන්වන රැස්වීමක   මගින් ඇතිවිය හැකි ගැටුම්කාරී තත්වයන් වලක්වා ගැනීම සදහා මෙම අධිකරණ තහනම් නියෝගය ලබා ගන්නා ලෙසට ද  එම ලිපිය මගින් ඉල්ලා සිටියේය.

ජාතීන් හා ආගම් අතර ගැටුම් ඇතිවීමට තුඩු දෙන ආකාරයේ ප්ර කාශ කරනු ලබන ජෙරම් ප්ර නාන්දු නැමැති මෙම දේවගැතිවරයා සහ ඔහුගේ මෙම වෛරී හැසිරීම අනුමත කරමින්  ඔහුට ආධාර අනුබල ලබා දෙන ඔහුගේ අනුගාමිකයන් එක්ව නැවත වතාවක් මෙවැනි රැස්වීමක් පැවැත්වීම නිසා සාමය ආගමික සංහිදියාව අගයන මෙවැනි ක්‍රියා හෙළා දකින මෙරට ජනතාව අනතර දැඩි නොසන්සුන් කාරී තත්වයක් ඇති විය හැකි  බවද  පැමිණිල්ල  මගින් පෙන්වා දී ඇත.

දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව මුදල් විශුද්ධි කරණය යටතේද පරීක්ෂණ ක්රිැයාත්ම විය යුතු බවට ද   ඔවුන් ඉල්ලා සිටියේය.
ඉකුත් (15) දින ද  පිවිතුරු හෙළි උතරුමය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

 



අදහස් (7)

ජෙරම්ගේ රැස්වීමට තහනම් නියෝගයක් දෙන්න

නිහාල් Thursday, 18 May 2023 07:09 PM

මුස්ලිම් අය අතෑරලා එන්න කතෝලික අය එක්ක ගහ මරාගන්න. එතකොට රාජපක්ෂ කෙනෙක් එනව රට ජාතිය ආගම බේරා ගන්න. ඒ අවසාන අවස්ථාවට සහ සම්බන්ධ වෙලා ඡන්දයක් දාලා පින් ලබාගමු. එන්න ආගම්වාදය අවුස්සන.

:       1       1

bamunuarachchiFriday, 19 May 2023 03:45 PM

මෙතැන කමෙන්ට්ස් දාන මැට්ටෝ ජතිවාදය, ආගම්වාදය කියන්නේ මොකක්ද කියාවත් දන්නේ නැතිපාටයි. අන්‍ය ආගමිකයෝ, හම්බයෝ අප පන්සල් ඉඩම් අල්ලාගෙන ඉන්න කොට, ඔවුන් ඉන්න පරදේශවලට අරාබි නම් ඇතුළත් කරන බව සිංහල අපිට පෙන්වා දීම ආගම් වාදයද? හම්බයා, දෙමළා රට කෑවත් අපි නිශ්ශබ්දව ඉන්න ඕනේ කියලා මේ කාලකන්නි හිතන්නේ. කාලකන්නි සිංහල බෞද්ධයින්.

:       0       1

Channa Thursday, 18 May 2023 07:54 PM

ජාති වාදය සහ ආගම් වාදය අවුස්සන්නේ නැතුව බංකොලොත් වෙච්ච පක්ශෙට තව දෙතුන් දෙනෙක්වත් හොයා ගන්න බලන්න.

:       1       1

swene Friday, 19 May 2023 05:25 AM

දේශපාලන අනාථයින් ඔවැනි සිද්ධීන් දඩමීමා කරගෙන නැගිටීමට තැත් කරනවා. තමුන් කළ ප්‍රකාශ සබැඳිව ජනතාවට ප්‍රසිද්ධියේ කරුණු පැහැදිලි කිරීමක් හෝ සමාව අයැදීම හෝ පදනම්කොට මෙම හමුව පවත්වනවාද කියලා දන්නේ නැහැ. එනිසා ප්‍රජාතන්ත්‍රවාදීව ඔය හමුවට ඉඩ සැලසීම උචිත කියලයි මට හිතෙන්නේ...

:       1       2

Chamara Friday, 19 May 2023 06:51 AM

ඇත්තම ඒක හොඳයි

:       0       2

කීර්ති වර්ණකුලසූරිය Friday, 19 May 2023 07:09 AM

පිවිතුරු හෙළ උරුමයෙ තවත් පිවිතුරු අදහසක්. බොහොම අගෙයි

:       1       1

Bamunuarachchi Friday, 19 May 2023 03:46 PM

තහනම් නියෝග එපා... අපි කුරුඳු පොලු අරගෙන දේශනාව අහන්න යමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site