IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ජ්‍යෙෂ්ඨ පුරවැසියනට කොරෝනා එන්නත් ඊ චනල් හරහා

(මුදිතා දයානන්ද)
කොළඹ නාගරික බල ප්‍රදේශයේ පදිංචි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔක්ස්පර්ඩ් ඇස්ට්රාටසෙනෙකා කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම සඳහා දිනයක් සහ වෙලාවක් නොමිලයේ වෙන් කරවා ගැනීමට හැකි වන පරිදි කොළඹ මහා නගර සභාව ඊ චැනලින් පද්ධතියක් හදුන්වාදී ඇතැයි කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිණි දිසානායක මහත්මිය පැවසුවාය.

මෙම සේවාව ලබාගැනීමෙන් පෝලිම්වල රස්තියාදු වීමට ඔවුන්ට සිදුනොවන බවද දිසානායක මහත්මිය සඳහන් කළාය.   

www.colombo.mc'gov'lk හෝ echanalling.com මගින් මෙසේ වෙලාව වෙන්කරවා ගත හැකිය.
කොළඹ මහා නගර සභාවේ සේවාවන් ලබාගැනීමට දිනයක් වේලාවක් ස්වයංක්‍රීයව වෙන් කරවා ගැනීමට මෙම ඊ චැනලින් සේවාව හඳුන්වාදෙනු ලැබුවේ පසුගිය 08 වැනිදාය.

එය තවදුරටත් ඉදිරියට ගෙන යමින් කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමට වෙලාවක් වෙන් කරගැනීමටද යොදාගත හැකි බව කොමසාරිස්වරිය සඳහන් කළාය.

 



අදහස් (0)

ජ්‍යෙෂ්ඨ පුරවැසියනට කොරෝනා එන්නත් ඊ චනල් හරහා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 578 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 727 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 305 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site