IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා ඇඳවැටී මරුට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

වෙළඳ සැලකට ගොස් යළි එමින් සිටියදී හදිසියේ ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන්   ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු මහමග ඇදවැටි ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහරගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය ඇරැව්වල , පදිංචි එදිරිසූරිය ආරච්චිගේ ටෙරන්ස් ආනන්ද ඉදිරිසූරිය (60) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා අධ්‍යයන අංශයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු බව පොලිසිය කියයි.

කථිකාචාර්යවරයා පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා මහරගම නගරයට ආසන්නයේ පිහිටි වෙළඳ සැලකට ගොස් යළි නිවසට යාම සඳහා මහරගම පිළියන්දල (341) බස් මාර්ගයට පැමිණ ඇරව්වල දෙසට යමින් සිටියදී එක් වරම ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් යාබද විදුලි කණුවක් අල්ලාගෙන මඳ වේලාවක් සිට පසුව බිම ඇද වැටි අනතුරකට ලක්ව තිබුණි.
 



අදහස් (0)

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා ඇඳවැටී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 291 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site