
(ටී.කේ.ජී.කපිල)
ජපන් මහාචාර්යවරියකවන මටෘනුරා ජුන්කෝ ගේ මහත්මියගේ මුදල් පසුම්බිය කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී බිම වැටී තිබියදී ගුවන් තොටුපළ සේවිකාවක විසින් අහුලා ආපසු බාර දෙනු ලැබුවාය.
මෙරටට ආ මහාචාර්යවරිය ජංගම දුරකථන සිම්පතක් ලබා ගැනීමට අනතුරුව ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ වූ ජංගම දුරකථන සමාගමක කාර්යාලය වෙත පැමිණ ඇත.
මෙම ගණුදෙනුව සිදු වන අතරවාරයේ ඇයගේ මුදල් පසුම්බිය බිම වැටී ඇත .
ගණුදෙනුව නිමා කළ මහාචාර්යවරිය ගුවන් තොටුපළෙන් තමන් නවාතැන් ගන්නා හෝටලය වෙත පිටත්ව ගොස් ඇති අතර ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ කාර්යයේ නියැලී සිටි පී.පී.ස්වර්ණලතා මහත්මිය මෙම මුදල් පසුම්බිය දැක, එය අහුලා වහාම ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .
එම මුදල් පසුම්බිය තුළ ශ්‍රී ලංකා මුදල් රුපියල් 119,390 ක් තිබී ඇති අතර , ඒ තුළ මෙම මහාචාර්යවරිය සිම්පතක් ලබා ගත් විස්තර ඇතුළත් රිසිට් පතක් ද තිබී ඇත.
ඒ ඔස්සේ එම මහාචාර්යවරිය ඇමතූ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් , ඇයට ගුවන් තොටුපළ වෙත පැමිණ තම මුදල් පසුම්බිය ලබා ගන්නා ලෙස දැනුම් දුන්නාය .
මුදල් පසුම්බිය බාර ගත් ජපන් මහාචාර්යවරිය , මෙම පසුම්බිය අහුලා භාර දුන් ගුවන් තොටුපළ සේවිකා පී.පී.ස්වර්ණලතා මහත්මියට සහ ගුවන් තොටුපළ ආරක්ෂක අංශයේ නිලධාරින්ට ත්‍යාග පිරිනමමින් ඇගැයීමකට ලක් කරමින් සිය කෘතවේදීත්වය පළ කළාය .
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
234
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපන් මහාචාර්යවරියට අමතක වූ මුදල් පසුම්බිය ආපසු දෙයි
"ස්වර්ණ" "ලතා" Thursday, 01 September 2022 08:22 PM
ස්වර්ණලතා ක්‍රියාවෙන්ම නමේ වටිනාකම රටටම පෙන්වීම කොතරම් ආඩම්බරයක්ද..?
chandima Thursday, 01 September 2022 08:33 PM
වැඩේ ඉහළයි. ඒත් ජපානේ නම් කොළඹ ඉඳන් ආපහු ගුවන් තොටුපළට එන්න කියන්නේ නැහැ. ඉන්න තැනටම ගිහින් දෙනවා. කොහොම වුණත් වැඩේ හොඳයි.
SanthuFriday, 02 September 2022 01:51 AM
කොච්චර කළත්, කළ හොඳ ක්‍රියාවකටත් (කොනක අඩුවක් තියන්) ඇයි අගය කරන්න ලෝභ වෙන්නේ...!
සුදු ඇඳගෙන කලු ඇවිදින් Thursday, 01 September 2022 10:32 PM
කෙනෙකු උසස් හෝ පහත් වන්නේ රැකියාවෙන් නොව ක්‍රියාවෙනි. ඔබ හදවතින්ම පොහොසත් යුවතියක්. අපේ උණුසුම් ආචාරය..!.
එමිල් ද සිල්වා Friday, 02 September 2022 09:14 AM
එම සත්කාර්යය කළ මහත්මිය ඇතුළු සියලුදෙනාට මෙම භවයේදීත් නිවන් දක්නා ජාති දක්වාත් දුකක් කරදරයක් නොවනවා ඇත...!
Sunil Perera Friday, 02 September 2022 11:13 AM
එතුමිය කළේ නියම ලාංකිකත්වය පෙන්වීමක්... එවන් මැතිණියන් අපේ රටට ආඩම්බරයක්... ඔබ සැමට ලාංකිකයින් වෙනුවෙන් දොහොත් මුදුන් තබා ආචාර කරමි...