IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජුනි තෙක් ඉන්ධන ගැන බයවෙන්න එපා

(අංජුල මහික වීරරත්න)

ලබන වසරේ ජූනි මාසය දක්වා ඉන්ධන ආනයනයට අවශ්‍ය ටෙන්ඩර් ලබාදී අවසන් කර ඇති බැවින් එම කාලය දක්වා කිසිඳු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පැවසීය. 

මෙරටට ඉන්ධන සැපයීමේ අවස්ථාව චීනයේ සිනොපෙක් සමාගමට ලබාදීමත් සමග වසරකට ඩොලර් මිලියන 500කට අධික විදෙස් විනිමයක් රටේ ඉතිරි කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

පසුගිය කාලයේ ගසා තීරයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සියලුම ඉන්ධන වර්ගවල මිල යලිත් 4%කින් පමණ ඉහළ ගොස් තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය කීය.



අදහස් (5)

ජුනි තෙක් ඉන්ධන ගැන බයවෙන්න එපා

Bamunuarachchi Thursday, 19 October 2023 07:18 PM

දැන් හිතෙනවා ඇති හෙජින් ක්‍රමය තිබුණා නම් හොඳයි කියලා නේද කියලා චානක මහත්තයෝ...?

:       1       2

Dinesh Thursday, 19 October 2023 08:07 PM

වසරකට ඩොලර් මිලියන 500ක් ඉතිරි වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්නකෝ?

:       0       5

සමන් Thursday, 19 October 2023 09:01 PM

සිනොපෙක් තියනවා නම් උන්නැහේ... මොකද ලබන වසරේ ජුනි වෙනකල් විතරක් කතා කරන්නේ... දිගටම තියෙන්න එපැයි. මොකද සිනොපෙක් යනවාද එතකොට... නැතිනම් අලුත් නැටුමක් නටනවාද? තව ගානක් හොයාගන්න. හොර හැත්ත...!

:       0       3

Nimal Thursday, 19 October 2023 11:15 PM

අනේ පලයන් බන් යන්න.ගොන් නාම්බා.තොපි ඔක්කොටම ඉන්ධන ඕන තරම් නිකන්ම හම්බ වෙනවානේ .තොපිට කොච්චර මිල වැඩි කරත් දැනෙන්නේ නෑ .බූරුවා

:       0       5

චන්දන Friday, 20 October 2023 10:27 AM

ටෙන්ඩර දුන්නාම මෙහේ තෙල් උනනවාද? ගොං කතා කියන්න එපා....!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site