IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජෝන් කීල්ස් සමූහයෙන් ‘සුව සැරියට’ රු. මිලියන 100 ක්

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය ‘සුව සැරිය’ ගිලන් රථ සේවය වෙනුවෙන් රු. මිලියන 100ක මුදලක් පරිත්‍යාග කිරීම සඳහා පසුගිය දා ගිවිසුම් අත්සන් කළේ ය. මූල්‍යමය ගැටලු‍ හේතුවෙන් පසුගිය කාලය තුළ සුව සැරිය ගිලන් රථ සේවය පවත්වාගෙන යාමට අපහසු තත්ත්වයක් උදා වී තිබූ අතර, මෙම කාලෝචිත පරිත්‍යාගය එම සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට උපකාරී වනු ඇතැයි එම සමාගම සඳහන් කළේය.

2016 වර්ෂයේ දී ඉන්දියානු රජයේ සහයෝගය ඇතිව සුව සැරිය ගිලන් රථ සේවය ආරම්භ කරන ලදී. විශේෂයෙන්ම දිවයිනේ දුෂ්කර පළාත්වල ජීවත් වන, සෞඛ්‍ය පහසුකම් අවම මට්ටමින් හිමිවන ජනතාවට හදිසි සෞඛ්‍ය සේවා සැපයීම මෙහි මූලික අරමුණ විය.

මෙම පරිත්‍යාගය නිසා සුව සැරිය සේවාවට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මිල දී ගැනීමට සහ ගිලන් රථ නඩත්තුව නිසි පරිදි කිරීමට මෙන්ම කාර්ය මණ්ඩලය බඳවාගෙන ඔවුන්ට පුහුණුව ලබාදීමට ද හැකි වනු ඇති අතර, ඉදිරියේදී සුව සැරිය සේවා තව දුරටත් ව්‍යාප්ත කරමින් තවත් ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමට ද හැකි වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා මෙසේ පැවැසීය. ප්‍රජාවට අත්වැලක් වීම සහ ඔවුන් සවිබල ගැන්වීම තම යුතුකමක් හා වගකීමක් බව ජෝන් කීල්ස් සමූහය විශ්වාස කරනවා. “සෞඛ්‍යය යනු ජෝන් කීල්ස් පදනම යටතේ අපගේ ප්‍රජා සත්කාර මෙහෙවර තුළ ප්‍රධාන වශයෙන් අවධානය යොමු වන එක් අංශයක්. එම නිසා සුව සැරිය ගිලන් රථ සේවාවටත්, එම සේවාව හරහා ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත බේරා ගැනීමට කැප වන සුව සැරිය කාර්ය මණ්ඩලයටත් මෙලෙස අත්වැලක් වීමට හැකිවීම පිළිබඳව අප ආඩම්බර වනවා. එමෙන්ම මෙම මෙහෙවර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තම දායකත්වය ලබාදෙන මෙන්, දිවයිනේ සෙසු සමාගම් හා ආයතනවලින් අප කාරුණිකව ඉල්ලා සිටිනවා.”

අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ සහිත ගිලන් රථ 297 ක් සුව සැරිය සේවාව සතුව පවතින අතර, මනාව පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් එම ගිලන් රථවල සේවයෙහි යෙදී සිටිති. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය කළ මෙම පරිත්‍යාගය මගින්, සුව සැරිය ගිලන් රථ සේවාවට මෙන්ම එහි සේවා ලබන සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට ද සුවිශාල යහපතක් සිදුවනු නොඅනුමාන ය.

595



අදහස් (2)

ජෝන් කීල්ස් සමූහයෙන් ‘සුව සැරියට’ රු. මිලියන 100 ක්

රනේ Wednesday, 03 May 2023 06:43 AM

ස්තූතියි!

:       0       2

Namal Wednesday, 31 May 2023 09:15 AM

ඉන්දියන් මේ සේවාව හොදයි,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site