IMG-LOGO

ජෝන් කීල්ස් පදනමෙන් ඩිජිටල් ඉගෙනුම් වැඩසටහනක්

ජෝන් කීල්ස් පදනම විසින් ක්‍රියාවට නංවන ලද ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති’ ඩිජිටල් ඉගෙනුම් වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය 2021 නොවැම්බර් 11 දින රණාල ප්‍රදේශයෙන් ආරම්භ කරන ලදි. COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු‍වලට මධ්‍යකාලීන විසඳුමක් වශයෙන් මෙම ව්‍යාපෘතිය, ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන පවුල්වල දරුවන් ඉලක්ක කරගෙන ක්‍රියාවට නැංවේ.

මෙම පවුල්වල දරුවන් රජයේ විභාගවලට සූදානම් වීමේදී, පවතින තත්ත්වය හමුවේ ඔවුන්ට මුහුණ දීමට සිදුවී තිබෙන දුෂ්කරතා සහ අවාසිදායක තත්ත්වය අවම කිරීම මෙම වැඩසටහනේ මූලික ඉලක්කය වී ඇත.

මෙම නියමු ව්‍යාපෘතිය යටතේ, ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ප්‍රදේශ අතරින් කොළඹ 02 සහ රණාල යන ප්‍රදේශවල දරුවන්ගේ භාවිතය සඳහා Samsung A8  ටැබ්ලට් උපකරණ 100 ක් සහ ඩේටා පැකේජ ප්‍රදානය කිරීම සිදුකෙරේ. තමන් පෙනී සිටින විභාගයට අදාළ කාලසීමාව තුළ එම සිසුන්ට මෙම ටැබ්ලට් උපකරණ සහ ඩේටා පැකේජ භාවිතා කළ හැක. මෙම ව්‍යාපෘතියේ සම-අරමුදල් සම්පාදක ලෙස Deutsche Bank  එක්වී සිටින අතර, සහනදායී මිලගණන් යටතේ උපකරණ සහ ඩේටා පැකේජ ලබාදීම සඳහා පිළිවෙළින් John Keells Office Automation (JKOA) සහ Dialog Axiata PLC  එක්වී සිටී. රණාල ප්‍රදේශයේ පැවති වැඩසටහන සඳහා කාර්ය සම්පාදන සහකරු ලෙසElephant House එක් විය.

COVID-19  සම්බන්ධ සෞඛ්‍ය විධිවිධානවලට අනුකූලව රණාල ප්‍රදේශයේ Elephant Houseකර්මාන්තශාලාවේදී පැවති චාම් උත්සවයකදී, රජයේ පාසල්වල සාමාන්‍ය පෙළ ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් 50 දෙනකු වෙත ටැබ්ලට් උපකරණ ලබාදෙන ලදි. දැඩිගමුව කනිෂ්ඨ විද්‍යාලය, දේවමිත්ත මහා විද්‍යාලය, මුනිදාස කුමාරතුංග විද්‍යාලය සහ පිලිප් තිලකවර්ධන මහා විද්‍යාලය යන පාසල්වල ඉගෙනුම ලබන සිසු සිසුවියන් අතරින් මෙම 50 දෙනා තෝරාගෙන තිබේ.

කොළඹ ප්‍රදේශයේ තෝරාගත් සිසු සිසුවියන්ට ටැබ්ලට් උපකරණ බෙදාදීම, එම වැඩසටහනේ කාර්ය සම්පාදන සහකරු ලෙස කටයුතු කළ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී, 2021 නොවැම්බර් 22 දින සිදුකරන ලදි.



අදහස් (0)

ජෝන් කීල්ස් පදනමෙන් ඩිජිටල් ඉගෙනුම් වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 22 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1686 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site