(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අරමුදලේ නව පරිපාලනය යටතේ ක්‍රියාත්මක වන ඩිජිටල්කරණ වැඩසටහන, කීර්තිමත් NBQSA (National Best Quality Software Awards) පරිගණක වැඩසටහන් සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය තහවුරු කිරීමට සමත් විය .
ඒ අනුව 2025 වසරේ පෙබරවාරි 07 වන දින සිට සාර්ථකව ක්‍රියාත්මක වන, ජනාධිපති අරමුදලේ පුරවැසි සේවාවන් විධිමත් කළ නව ඩිජිටල් පද්ධතිය වෙනුවෙන් පුරවැසි සේවා කාණ්ඩයේ ලෝකඩ සම්මානය (Bronze Award) සහ රාජ්‍ය අංශයේ විශිෂ්ටතම ඇගයීම් සම්මානය මෙහිදී හිමි විය.
මෙම ද්විත්ව සම්මානය හිමිවීම මගින්, නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් මහජනතාවට කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුත් සේවාවක් සැපයීම සඳහා ජනාධිපති අරමුදල ගෙන ඇති පියවර ජාතික මට්ටමින් ඇගයීමට ලක්වී ඇත.
විශේෂයෙන් රාජ්‍ය අංශයේ විශිෂ්ටතම ඇගයීම් සම්මානය දිනා ගැනීම, අනෙකුත් රාජ්‍ය ආයතන වෙත ඩිජිටල්කරණයෙහි සාර්ථකත්වය සහ වැදගත්කම පිළිබඳව ආදර්ශයක් සපයයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජනාධිපති අරමුදලේ ඩිජිටල් වැඩසටහනට සම්මාන දෙකක්