
( මහින්ද නිශ්ශංක )
මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් ජන්දදායකයින් වෙත බෙදා හැරීමෙන් පසු ලක්ෂ 6 කට වැඩි ප්‍රමාණයක් ඉතිරිව තැපැල් කාර්යාලවල තබා ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය ඔක්තෝබර් 27 දා සිට පසුගිය 7දා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ජන්දදායකයින්ගේ නිවෙස්වලට තැපැල් මගින් බෙදා හරින ලද අතර 7 දා වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 96 කට අධික ප්‍රමාණයක් බෙදා අවසන් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.
දැනට තැපැල් කාර්යාලවල ඉතිරිව ඇති නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා විදේශ ගතව සිටින හා පදිංචිය වෙනස් කිරීම් කළ ජන්දදායකයින්ගේ හා වෙනත් හේතූන් මත මෙතෙක් ලබා නොගත් ඒවා බවට විශ්වාස කරන බවද ඒ මහතා සඳහන් කළේය .
මේ අතර මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයින්ට හෙට (10) සිට 14 දා දක්වා තැපැල් කාර්යාලයට ගොස් ලබා ගත හැකි බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන කියන හැම එකම විශ්වාස කරන අමුතුම ඡන්ද දායකයින් ඉන්න රටක් ඕයි මේක.