(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පනාගොඩ යුද හමුදා මූලස්ථානයේ ප්‍රධාන කාර්යාලයේ ජනෙලයක ඉහළින් තිබෙන කොන්ක්‍රීට් පියස්සක් මතින් බිමට වැටීමෙන් ලාන්ස් කෝප්‍රල්වරයකු මියගොස් ඇතැයි හෝමාගම පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඇකිරිය ,කුරනාගම , පොල්ගහකොටුව පදිංචිව සිටි පලවෙනි කාර්ය ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල්වරයකු ලෙස සේවය කළ ජි පි එම් රත්නායක නැමැති 32 හැවිරිදි දෙදරු පියෙකි,
මියගිය ලාන්ස් කෝප්‍රල් වරයා යුද හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල කාර්‍යාලයේ වහලය වෙත විහිදී තිබූ කොස් ගසක අත්තක් කැපීම සඳහා එම කාර්යාලයේ ජනේලය ඉහලින් තියෙන කොන්ක්‍රීට් පියස්ස මත නැගී සිටිය දී පය ලිස්සා බිමට වැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ඒ වනවිට ඔහුගේ කණ්ඩායමේ පහලොස් දෙනෙකු පමණ ඒ ආසන්නයේ සිට ඇති අතර වහා ක්‍රියාත්මක වූ එම සෙබළුන් බරපතළ තුවාල ලද ලාන්ස් කෝප්‍රල් වරයා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ජනෙල් කණ්ඩියෙන් වැටී ලාන්ස් කෝප්‍රල්වරයෙක් මරුට
ravin Sunday, 15 January 2023 09:54 AM
ලංකාවේ සිටිනුයේ වෘත්තීය හමුදාවක් නේද? ඇයි මෙවැනි ක්‍රියාකාරකම්වලදී ආරක්ෂිත බඳ පිටි පැළඳීම අනිවාර්යය නොකරන්නේ.