IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනමාධ්‍ය ප්‍රතිපත්තිය කැබිනට් අනුමැතියට

(අංජුල මහික වීරරත්න)

විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගන්නා බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර එය මේ වන විට කැබිනට් අනුමැතිය සඳහා යොමු කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ශාන්ත බණ්ඩාර මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

ජනමාධ්‍යවේදීන්ගේ වරලත් ආයතනය බිහි කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර එහි මූලික කටයුතු අවසන් කොට නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇතැයි ද එමඟින් මාධ්‍යවේදීන්ට නිසි පුහුණුවක් සමඟ ජාත්‍යන්තරය පිළිගත් සහතික පත්‍රයක් ලබාදීමට බලාපොරොත්තු වන බව ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

තැපැල් දෙපාර්තමේන්තුවේ 2022 වසර වන විට ආදායම රුපියල් මිලියන 9,268ක් වන අතර 2023 වසරේ රුපියල් මිලියන 13,616ක් දක්වා අදායම් ලැබීමට හැකියාව ලැබුණ බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.

 



අදහස් (0)

ජනමාධ්‍ය ප්‍රතිපත්තිය කැබිනට් අනුමැතියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site