IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


ජනපති හෙට ඇමරිකා යයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා හෙට (22) රාත්‍රී ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

ඇමරිකා සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා එහි සිට ජපානයේ නිල සංචාරයකට පැමිණෙනු ඇත.  ජනාධිපතිවරයා බදාදා  (24)  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීමට නියමිත අතර ඇමරිකා වේලාවෙන් ප.ව 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ඇත.

එහිදී ජනාධිපතිවරයා  රජයේ විදේශ ප්‍රතිපත්තිය සහ ඉදිරි වැඩ පිළිවෙල ගැන පැහැදිලි කිරීමට නියමිතය.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිප දෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට  නියමිතය.ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකටද මෙහිදී  සහභාගී වනු ඇත.

ජනාධිපති අනුර දිසානායක මහතා ලබන 27 වැනිදා ඇමරිකාවේ නිව්යෝක් සිට ජපානයේ ඔසාකා නගරයට පැමිණෙනු ඇත. ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා ජපාන සංචාරයේ නිරත වෙයි.

ජනාධිපති අනුර දිසානායක මහතා ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා සමඟ ලබන 29 වැනිදා සාකච්ඡා පවත්වන අතර 30 වැනිදා ජපානයේ නරුහිතෝ අධිරාජයා හමුවීමට නියමිතය.

ජනාධිපතිවරයා ජපන් රජය සමග පවත්වන සාකච්ඡා වලදී ශ්‍රී ලාංකිකයන් සඳහා ජපානයේ වැඩි රැකියා අවස්ථා ලබා ගැනීම සහ දෙරට අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳව වැඩි  අවධානයක් යොමු කරන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ජපානයේ 2025 එක්ස්පෝ ප්‍රදර්ශනයට සහභාගී වන අතර එහි පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා දින සැමරුමටද එක් වනු ඇත.එම ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සංචාරක, ව්‍යාපාරය, වෙළෙඳ සහ ආයෝජන යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් පිරිස් සහභාගී වෙති.

මීට අමතරව ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ජපානයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවද හමුවීමට නියමිතය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද  සහභාගී වෙයි.

ජනාධිපති අනුර දිසානායක මහතා ඇමරිකා සහ ජපාන සංචාරය නිමා කර ඔක්තෝබර් 1 වැනිදා නැවත දිවයිනට පැමිණීමට නියමිතය.

 

 



අදහස් (10)

ජනපති හෙට ඇමරිකා යයි

Nishan Sunday, 21 September 2025 01:45 PM

ලන්ඩන් ට්‍රාන්සිට් එකක් නැතුව කෙලින්ම කටුනායක ඉඳන් නිව්යෝක් යනවා අත්තේ. ආර්යාවක් අරන් යන ප්‍රශ්නෙත් නෑ නේ. හැබැයි පුද්ගලික වැඩවලට ආණ්ඩුවේ සල්ලි එක සතයක්වත් වියදම් කරලා අහු වෙන්න එපා. ඔයා අන්ත සුදනා බව පෙන්නපු නිසා ඒ විදියටම වැඩ කරන්න වෙනවා.

:       17       24

Thambey Sunday, 21 September 2025 02:48 PM

කජු සීයා පරාදයි නේද අනුරයියාට​. ඔන්න දැන් තේරෙනවා නේද හිටපු අයටත් ඔය වගේ තමයි අනිත් කට්ටිය එන්න කියන්න ඇත්තේ කියලා...

:       21       17

HafeelSunday, 21 September 2025 03:36 PM

කජු සීයා සහ ඔහුගේ ගෝලයෝ සමහර වෙලාවට ලන්ඩනයේදී ට්‍රාන්සිට් කියලා... මම දන්න තරමට ට්‍රාන්සිට් මගීන්ට යන්න බැහැ. විශේෂයෙන්ම ලන්ඩන් ඇතුළු බ්‍රිතාන්‍යය කිසිම ගුවන් තොටුපළෙන් ට්‍රාන්සිට් මගීන්ට එළියට යන්න බැහැ. කෙසේවෙතත් කජු සීයා ගියේ පුද්ගලික සංචාරයක්...

:       9       25

ගුණරත්න Sunday, 21 September 2025 03:09 PM

ට්‍රාන්සිට් යන්නේ නැහැ අපේ අරුණ කුමාර සඔදර සබාපතිතුමා. එතුමාට යාළුවො ඉන්නවා ප්‍රයිවෙට් ජෙට් නිකම් දෙන. එහෙම එකකින් යයි. මහජන සල්ලි නාස්ති කරන්නේ නැහැ එක සතයක්. හොටෙල් එකක නවතින්නෙත් නැහැ. යාලුවෙක්ගෙ ගෙදර නැත්නම් ස්ටේසමේ නතරවෙයි, එතුමාට ප්ලැට්ෆෝම් එකේ එළිවෙනකම් දිග ඇදිලා ඉන්න එක අමාරු නැහැ, කාලයක් කෝච්චියේ සිගරැට් වික්ක කෙනා නේ.

:       27       17

santha ranasinha Sunday, 21 September 2025 05:13 PM

දැන් ඇමෙරිකාව බටහිර හොදයි. වෙන අයට තමයි නරක. පුංචි අම්මා එක්ක නොගියොත් ට්‍රම්ප් ජනාධිපතිතුමා සහ බිරිද එක්ක ගන්න පින්තූරය පාලුයි. ඉංග්‍රීසියෙන් වැඩ කරගත්තොත් හොදයි.

:       18       15

Asela Sunday, 21 September 2025 05:37 PM

ට්‍රම්ප් පරිපාලනයෙන් ආරාධනයක් ඇත්නම්, මේ අවස්ථාවේ එය හොඳයි. නමුත්, මාතෘකාව නොමඟ යවන සුළුයි. අනුරට ඇමරිකා එක්සත් ජනපදයෙන් නිල ආරාධනයක් නැහැ. නමුත්, ඔහු යන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයට.

:       1       13

රනේ Sunday, 21 September 2025 06:32 PM

දැන් ලංකාව, ලෝකය තුළ පිළිගත් රාජ්‍යයක් වෙමින් පවතිනවා. ඔබ අපිට ආඩම්බරයක්!

:       11       13

රුවන් පෙරෙරා Sunday, 21 September 2025 06:47 PM

ලන්කාව නෝන්ඩි නොකර භාෂා පරිවර්තකයෙක් අරන් යන්න.

:       10       12

Perera Monday, 22 September 2025 07:18 AM

අරයා වගේ එමින් ගමන කියූබවටත් ගිහින් ඉංග්ලන්තෙටත් ගිහින්ඩ දන්නේ නෑ එන්නේ.

:       1       1

Joni Monday, 22 September 2025 08:56 AM

අප්පුවා

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1842 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1489 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 527 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site