(අංජුල මහික වීරරත්න)
රජයේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී තරුණ රාජ්‍ය නිලධාරීන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට සූදානම් බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පැවසීය.
රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑම සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශාල බලපෑමක් සිදුකළ හැකි බව කී ජනාධිපති ලේකම්වරයා ඒ සඳහා සක්‍රීය දායකත්වයක් ලබාදෙන ලෙස රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මේ බව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 2012 කණ්ඩායමේ හමුවක් අමතමිනි.
අභියෝග රැසක් මධ්‍යයේ වත්මන් ජනාධිපතිවරයා රටේ වගකීම බාරගත් බවත්, මේ වන විට ආර්ථිකය ක්‍රමානුකූලව ගොඩනඟමින් සංවර්ධිත රටක් බිහි කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බවත් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජනපති ලේකම් තරුණයන්ගේ හයිය බලන්න යයි
sena Monday, 19 December 2022 03:55 PM
සර් මිනිස්සු නළවන්න ... නිකන් විහිළු කතා කියන්න එපා. බෙහෙත් ටික ගේන්න සල්ලි නැහැ. හිඟමනට පිටරටින් දෙන සල්ලිවලිනුත් හොරාකනවා... එහෙම රටක සංවර්ධනයට සල්ලි කොහෙන් ගේන්නද?
sharm warn Monday, 19 December 2022 04:04 PM
තරුණයින්ගේ හයිය බලන්න යන්න කළින් ඔය නාකි පිනාලගේ හයිය බලලා ඉන්න. වලපයයි, ගොඩපයයි. තණ්හාවෙන් බදාගෙන ඉන්නවා. කරන්න පුළුවන් කෙනෙකුට දෙන්නෙත් නෑ...