(නිමල කොඩිතුවක්කු)
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොහොට්ටුවේ සිරකරුවකු බවට පත්ව ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී අද (15) පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරන ලෙසටත්, පොහොට්ටුවේ දූෂිත පිරිස් වලට ඇමතිකම් ලබා දෙන ලෙසටත්, ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් නොවන බවට අභියෝග කිරීමටත් පොහොට්ටුවේ පිරිස් ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටින බවත් රාහුමාන් මහතා සඳහන් කළේය.
රට ආර්ථික වශයෙන් ස්ථාවර කිරීමට දේශපාලන ස්ථාවරත්වයක් අත්‍යවශ්‍ය බවත් ජනමතයක් නොමැති වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පොලීසිය සහ හමුදාව කොළඹට කැඳවා රට පාලනය කරන තත්ත්වයට පත්ව ඇතැයි ද කොළඹ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
’’ජනපති රනිල් පොහොට්ටුවේ සිරකරුවෙක්’’
විපරමා Monday, 15 May 2023 04:04 PM
ඒ විතරක් නම් මදෑ, පොහොට්ටුවේ ඉන්න බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන්ගේ ආරක්ෂකයෙක්...!
මහසෙන් Monday, 15 May 2023 04:32 PM
ජනාධිපති පොහොට්ටුවේ හිර කාරයෙක්.එතකොට වෙන්න ජනාධිපති මෑණියන්ගේ ,බිරිඳ ගේ සහ සහෝදරියගේ හිරකාරයෙක්.එහෙම.නෙවේ ද? මෙයත් මේ හිතේ දුකට කියවනවා.අන්තිම මට පාර්ලිමේන්තු මන්ත්‍රී කමත් නෑ,නගරාධිපති කමක් නෑ.ලොක්කා.දුන්නා නේ ද වැඩේ.දැන්.ඉතින් හිතේ දුකට කවි.කියන.එකයි තියෙන්නේ .
මැක්ස් Monday, 15 May 2023 05:34 PM
එතකොට තමුන් වගේ ජාතිවාදී දේශපාලකයින් කාගේ හිරකාරයෝද?