IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජනපති මහා නා හිමිවරුන් බැහැදකී

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  මල්වතු,  අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛ අනුනායක හිමිවරුන් මහනුවර දී අද (29) පස්වරුවේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. 

පළමුව මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමි බැහැදැක සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වූ අතර මහ නාහිමියෝ  සෙත් පිරිත් සජ්ඣායනා  කර ජනාධිපතිවරයාට ආශිර්වාද  කළහ.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම මල්වතු අනුනා හිමි බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.

 අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වරකාගොඩ ශ්‍රී ඥාණරතන අස්ගිරි මහා නාහිමි  බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.ඓතිහාසික මුතියංගන රාජමහා විහාර භාරකාර, ආචාර්ය  මුරුද්දෙණියේ ශ්‍රී ධම්මරතන නා හිමි ද එම අවස්ථාවට වැඩම කර සිටියහ. 

ආණමඩුවේ ධම්මදස්සී සහ වෙඬරුවේ උපාලි අස්ගිරි අනුනාහිමිවරුන් සමඟ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  කෙටි පිළිසඳරක නිරත විය. 

හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම, ජනාධිපති අතිරේක ලේකම් කමල් පුෂ්පකුමාර  මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (2)

ජනපති මහා නා හිමිවරුන් බැහැදකී

Perakum Wednesday, 30 August 2023 01:41 PM

මේ මහනායකවරුන්ට අටපිරිකරක් ලැබුනොත් ඇති බුදුසසුනට හෙනගැහුවත් කතා නෑ…!

:       0       0

බද්රානි Wednesday, 30 August 2023 02:45 PM

නිතර පල්ලි, පන්සල් යන මෙවැනි සැදැහැවත් දේශපාලන නායකයින් සිටින ලෝකයේ එකම රට ලෙස, අපි කොතරම් නම්, වාසනා වන්තද...? ඒ අනුහසින් සශ්‍රීක බවෙන් සෞභාගයෙන් සපිරිනු රටක ජීවත් වීමට ලැබීමට තරම් අපි කොතරම් නම් පින්වන්තද...? ලෝකයේ අනෙක් රටවල හොර තක්කඩි පාලකයින්ට ඇයි අපේ රටේ මේ දැහැමි පාලකයින්ව ආදර්ශයට ගන්න බැරි... එහෙම උනා නම්, ලෝකයෙන්ම හිඟාකමින් ආර්ථිකය හසුරුවන, මිහිපිට අපායන් වැනි ජනතාව දුක් විඳින ඔවුන්ගේ රටවලුත්, ලංකාව වැනි ආර්ථික අතින් ස්වයංපෝෂිත රටක් බවට පත් කර ගත හැකිව තිබුනා නේද...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site