IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘‘ජනපති මානව අයිතීන් කඩනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ජනතාවගේ මානව අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

රටේ ජනතාවගේ දේශපාලන, ආර්ථික, සමාජීය අයිතිය උල්ලංඝනය කරන ආණ්ඩුව, දේශපාලන කුමන්ත්‍රණ හරහා රටේ අපක්ෂපාතී අධිකරණය ලබා දුන් තීන්දුවලට සහ ස්වාධීන මැතිවරණ කොමිසමේ කාර්යයට බාධා පමුණුවමින් කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

බොරැල්ල කුප්පියාවත්ත ප්‍රදේශයේ පැවති සමගි ජනබලවේගයේ පොකුරු රැස්වීමක් අමතමින් ඔහු මේ බව පැවසීය.

රටේ ජනතාව ඉල්ලා සිටියේ ක්‍රමයේ වෙනසක් වුවත් මේ වන විට එම ක්‍රමයේ වෙනස නොමැතිව රාජපක්ෂලා ආරක්ෂා කිරීම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. රටේ අර්බුද වලට විසදුම් ලබා දෙනවා වෙනුවට මැතිවරණ කොමිසමට, රටේ උත්තරීතර අධිකරණයට, මුදල් අමාත්‍යාංශයට සහ රජයේ මුද්‍රණාලයට පවා බාධා පමුණුවමින් මැතිවරණ කඩාකප්පල් කිරීමේ ක්‍රියාවක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත්වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මන්ත්‍රීවරුන්ගේ ගිනි ගත් ගෙවල්වලට වන්දි ලබා දීම,පොහොට්ටුවේ මන්ත්‍රීවරුනට ආරක්ෂාව ලබා දීම හා සම්පූර්ණ කාලය ගෙවන තෙක් මහමැතිවරණයකට නොයැම යන හේතු සදහා පමණක් මේ ජනාධිපතිවරයා ක්‍රියාත්මක වන බවත් ඔහු තවදුරටත් කීවේය.



අදහස් (4)

‘‘ජනපති මානව අයිතීන් කඩනවා‘‘

nimal Monday, 20 March 2023 09:21 PM

සජිත් pilot කෙනෙක් නොවීමට නොහැකිවූ නිසා කණගාටුවෙන් ඉන්නේ.

:       0       0

මහසෙන් Monday, 20 March 2023 09:43 PM

අර imf එකට කේසර සිංහයෙක් වගේ යන්න ගිහින් බැරි උන එකේ මානව හිමිකම් කඩ කිරිමට විරුද්ධව යන්න බැරි ද ජීනීවා මානව කොමිසම හමුවට ගර්ජනා කර කර.

:       0       0

jayasekara Tuesday, 21 March 2023 09:13 AM

බොලාගෙ අප්ප ඉන්න කාලෙ කැඩුවෙ මොනවද දන්නෙ නැහැ?

:       0       0

prasanna Tuesday, 21 March 2023 10:36 AM

ඔබගේ පියානොත් ඔය දේම තමයි කෙරුවෙ බලයෙ ඉන්න කලෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site