IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජනපති මාධ්‍ය අංශයේ කෝටි ගණනක බඩු අස්ථානගත වෙලා

(මුදිතා දයානන්ද)

ජනාධිපති මන්දිරයේ හා ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය සතුව තිබූ කෝටි ගණනාවක් වටිනා භාණ්ඩ රැසක් 2018 -20 කාලය තුළ අස්ථාන ගතව ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.

ජනාධිපති මන්දිරයේ ගබඩා බාරකරුගෙන් ලද තොරතුරු අනුව විගණනයේ සඳහන් කර ඇති පරිදි ජනාධිපති මන්දිරයේ පැවති ඉන්වෙන්ටි්‍ර අයිතම 12ට අයත් භාණ්ඩ 24ක් මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසට රැගෙන ගොස් ඇතත් ඒවා සම්බන්ධයෙන් අදාල පොත් පත්වලට කිසිදු සටහනක් ඇතුළත්ව නැත.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් 2019 නොවැම්බර් 18 වැනිදා කරන ලද දැනම් දීමකට අනුව ජනාධිපති මන්දිරයේ ගබඩා භාරකරු කළ සොයා බැලීමකදී එහි නව ගොඩනැගිල්ලේ තිබු ඉන්වෙන්ට්‍රිගත අයිතම 35කට අයත් භාණ්ඩ 61ක් සොයගත නොහැකි වි ඇති අතර ඒ සම්බන්ධයෙන් 2022 මාර්තු දක්වා කිසිදු විමර්ශනයක්ද සිදුකර නැත.

මෙම විගණන වාර්තාවට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය ඒකක 2019 දක්වා පවත්වාගෙන ගොස් තිබෙන්නේ ඒකකට හතරක් යටතේය. එහෙත් 2019 නොවැම්බර් මාසයේ මාධ්‍ය අංශය ආරම්භ කර තිබෙන්නේ නව මාධ්‍ය අංශය යන නාමය යටතේ වන අතර එයට භාරගත් භාණ්ඩ පිළිබඳවද නිසි ලේඛනයක් පවත්වාගෙන ගොස් නැත.

මාධ්‍ය අංශයේ භාණ්ඩ සම්බන්ධයෙන් ඉංජිනේරුවන් විසින් ජනාධිපති ලේකම් වෙත යොමුකරන ලද වාර්තාවකට අනුව එම ඒකකය සතුව තිබු රුපියල් කෝටි තුනහමාරකට ආසන්න වටිනාකමින් (3,41,89,688) යුත් භාණ්ඩ රැසක් අස්ථානගතව ඇතැයිද එම විගණන වාර්තාවේ සඳහන් වේ.

එම වාර්තාවට අනුව අස්ථාන ගත වු භාණ්ඩ වලට 2015 සිට 2020 ජනවාරි දක්වා කාලය තුළ මාධ්‍ය අංශය වෙත ලැබුණ 1,77,86,325 විටනා ලැප්ටොප් හා මැක් බුක් එයාර් වර්ගයේ පරිඝනක 78ක්ද 1,03,80,423ක් වටිනා ඩෙක්ස්ටොප් පරිඝනක 52ක් අතරින් 48ක්ද මාධ්‍ය අංශයේ නිලධාරීන්ට නිකුත් කරන ලද රුපියල් 34,70,742ක් වටිනා ජංගම දුරකථන හා අයිපෑඩ් 45ක් අතරින් 28ක්ද ඇතුළත් වේ.

මාධ්‍ය අංශයේ නිලධාරින් වෙත ලබාදුන් ජංගම දුකරථන හා අයිපෑඩ් 45න් ආපසු ලබාදී තිබු ජංගම දුරකථන 14 කින් නවයක්ද අය්පෑඩ් තුනෙක් දෙකක්ද අක්‍රීය බවද එම වාර්තාවේ සඳහන් වේ.

මීට අමතරව කරගතම ජනාධිපති මන්දිරයේ අයිතම 12කට අයත් භාණ්ඩද අනුරාධපුර ජනාධිපති මන්දිරයේ රූපවාහිනි යන්ත්‍ර දෙකක්ද අස්ථාන ගතව ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.

මේ කිසිදු භාණ්ඩයක් සම්බන්ධයෙන් 2022 මාර්තු 25 වන විටත් කිසිදු විමර්ශනයක් සිදුකර ඇති බවද විගණනයට වාර්තා නොවුන බවද එම වාර්තාවේ සඳහන් වේ.

 



අදහස් (6)

ජනපති මාධ්‍ය අංශයේ කෝටි ගණනක බඩු අස්ථානගත වෙලා

Demuni Uduwara Wednesday, 26 October 2022 01:48 AM

No one can challenge Audit Reports; act accordingly !

:       0       5

ravin Wednesday, 26 October 2022 06:53 AM

හිටං හිටගෙන කෙළලා වගේ.

:       0       9

LGPJ Wednesday, 26 October 2022 07:03 AM

ඔපෙරා ඔෆ් කැට්ස්

:       0       4

sharm warn Wednesday, 26 October 2022 11:29 AM

දැන් ඉතින් කියහල්ලකෝ අරගල කාරයෝ අරන් ගිහින් කියලා.කෝ මේ රනිල් ගේ කාකි කාරයෝ ටික?

:       0       2

fairoos Wednesday, 26 October 2022 01:37 PM

සිරිසේනයි, නන්දසේනයි ගොඩ... අරගලකරුවන් හිරේ...

:       0       1

Hemantha kumara Wednesday, 26 October 2022 03:07 PM

ඔය කවුරැවත් නෙවෙයි කිංස්ලි රත්නායක තමයි වගකියන්න ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 298 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site