IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජනපති මැදුරේ ලක්ෂ 12ක වෛද්‍ය උපකරණ-ඖෂධ සොරාගෙන

(ඉන්දිකා  රාමනායක)

කොටුව ජනාධිපති මන්දිරයට  බලහත්කාරයෙන් ඇතුලු වී සිටි පිරිස් එහි  වෛද්‍ය මධ්‍යස්ථානයට  පහර දී එහි තිබු රුපියල් ලක්ෂ 12 ට අධික වටිනා  වෛද්‍ය උපකරණ හා ඖෂධ සොරාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

මෙම වෛද්‍ය මධ්‍යස්ථානය නාවික හමුදාව විසින් පවත්වාගෙන ගොස් ඇති අතර, මේ සම්බන්ධයෙන්  කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති මන්දිරයට ඇතුලු  වු පිරිස්  විසින් මෙම වෛද්‍ය මධ්‍යස්ථානයට  ඇතුලු  වී එහි දේපළ වලට අලාභ හානි සිදුකරන එහි ගබඩා කර තිබු මෙම වෛද්‍ය  උපකර හා ඖෂධ තොගය පැහැරගෙන ගොස් ඇති බවද පොලිසිට පවසයි.

නාවික හමුදාව විසින් මෙම පැමිණිල්ල   පොලිසිය වෙත ඉදිරිපත් කර ඇත.



අදහස් (4)

ජනපති මැදුරේ ලක්ෂ 12ක වෛද්‍ය උපකරණ-ඖෂධ සොරාගෙන

රොෂාන් Friday, 29 July 2022 12:55 AM

"ලක්ෂ 12ක වෛද්‍ය උපකරණ-ඖෂධ"! මේකෙ හොරෙන් ඉස්පිරිතාලයක් වත් පවත්වගෙන ගිහිල්ලද?

:       0       1

sene Friday, 29 July 2022 08:11 AM

ජනාධිපති මන්දිරයේ තිබී සොයා ගත් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල කොළඹ කොටුව පොලිසියට බාරදීමෙන් පසුව එය අධිකරණය වෙත වහාම යොමු කළ යුතු වුවත් මේ දක්වා නීත්‍යානුකූලව එම ක්‍රියාමාර්ගය ගෙන නැත.

:       1       1

sharm warn Friday, 29 July 2022 11:47 AM

අපෝ.. ඒ කියන්නේ ලෙඩෙක්ද ජනාධිපති කමේ ඉඳලා තියෙන්නේ...? මොකද මේ රටට වෙන්නේ..? රෝහල්වල බෙහෙත් නැහැ. මිනිස්සු, දරුවන් මැරෙනවා බෙහෙත් නැතිව... ලක්ෂ ගණන් බෙහෙත් එයාලා ළඟ.. ලැජ්ජා නැහැ...

:       0       2

BamunuarachchiFriday, 29 July 2022 04:04 PM

ඈ හලෝ... ඔහේගේ ගෙදර මෙඩි බොක්ස් එකක් හෙවත් රතු කුරුස පෙට්ටියක් නැද්ද? මේ හාදයා කොහේ ජීවත්වෙන කෙනෙක්ද? ගෙදර බෙහෙත් පෙට්ටියක් තියා ගන්නවා.. තමාගේ මුදල් ප්‍රමාණයට අනුව ඒකේ හදිසි අවස්ථාවක ගන්න බෙහෙත් තියාගන්නවා. ගෙදර බෙහෙත් තියාගන්න ඔක්කොම ලෙඩ්ඩු නොවෙයි...

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site