(නිමන්ති රණසිංහ)
ජනාධිපති මන්දිරයේ තිබූ රූපවාහිනි යන්ත්‍ර දෙකක් සහ විදුලි ඉස්ත්‍රික්කයක් සොරාගත්තැයි කොටුව පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු ලබන පස් වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (28 ) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ඉස්මයිල් මොහොමඩ් අශාන් නැමැති කොළඹ 13 පදිංචි සැකකරුවෙකු ඇතුළු තිදෙනෙකි.
අරගල කරුවන් විසින් අරලියගහ මන්දිරය අත්පත් කර ගනු ලැබීමෙන් පසු මෙම සැකකරුවන් විසින් අරලියගහ මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි තිබූ රූපවාහිනි යන්ත්‍ර දෙකක් සහ විදුලි ඉස්ත්‍රික්කයක් පැහැරගෙන ගොස් ඇතැයි කොටුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් තිදෙනා ලබන 05 වැනිදා තෙක් බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ජනපති මැදුරේ රූපවාහිනි-ස්ත්‍රික්කයක් සොරාගත්තැයි සැකකරුවෝ 5 තෙක් රිමාන්ඩ්
susantha Thursday, 28 July 2022 05:51 PM
පොලිස්පතියට සහ පොලිස්සියෙ උන්දලට මෙවගෙ හල්මස්සො අල්ලන්නනම් පුදුම හැකියාවක් තියෙන්නෙ. ඔය වගෙම අල්ලපන්කො මහබැංකුව කොල්ල කාපු හොර තක්කඩි, රටෙ සල්ලි බිලියන ගනනින් හොරකපු පල් හොර තක්කඩි, රටෙ ආර්තිකෙ වැටෙන්න යන බව පෙනි පෙනි හිකි හිකි ගගා හිතා මතාම රටේ ආර්තිකය සහ මිලියන 22 මිනිස්සුන්ගෙ ජීවිත වලපල්ලට දාපු තක්කඩි එහෙමත්?
kamalThursday, 28 July 2022 07:21 PM
මේ රටේ පොලිසිය පොඩි හොරු ඇල්ලුවට, ලොකු හොරුන්ට බයයි.
BamunuarachchiFriday, 29 July 2022 06:42 AM
පොඩි උනත් ලොකු උනත් හොරකම හොරකමම තමයි.
Dasa PThursday, 28 July 2022 11:03 PM
මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ ඇයි කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. බලන්න ඩිස්ලයික් ගාණ...
විපරමා Thursday, 28 July 2022 05:55 PM
රාජපක්ෂ ආණ්ඩුව කාලේ කටුගෙයි පුරාවස්තු අන්තරස්දාන උනා. ඩොලර් මිටි ගණන් අතුරුදහන් උනා. සමහරවිට බහිරවයා ගෙනියන්ඩ ඇතිනේ ?
බහිරවයා Thursday, 28 July 2022 06:39 PM
විපරමා..හලෝ .... ඔයා හැමදාම කොත්තු ක්‍රෙඩිට් කාඩ් එකෙන් කාලා බැංකුවට කරපු ණය කොච්චරක්ද කියන්නකෝ ?
Bamunuarachchi Friday, 29 July 2022 06:40 AM
අනුර මහතා, මෙන්න රට බාරගන්න ඉන්න ඔබේ තරුණ කැල. මම හැමදාම කිව්වේ ඕක තමයි. ජෙප්පන්ට රට ගියොත් ගෙදර තිබෙන ලුණු පොල්කට්ටටත් කෙළවෙනවා කියලා...
susanthaFriday, 29 July 2022 03:10 PM
අනේ බමුණෝ, ඔයාගේ වහල් හිමියෝ මෙච්චරක් කල් රට හොඳටම කරලා තියෙන්නේ? තක්කඩි දේශපාලකයෝ රකින්න දවසේ පඩියට ප්‍රතිචාර දමන රක්ෂාව ඇරෙන්න වෙන රස්සාවක් කරන්න ආත්ම අභිමානයක් තියෙනවා.
sharm warn Friday, 29 July 2022 11:45 AM
රටේ දේපළ සහ මහජන මුදල් එළිපිට මංකොල්ල කන, කුඩු විකුණන මිනී මරන අයව, මුක්තිය පෙන්නලා, අපට කොකා පෙන්නලා එළියට දානවා. මෙතන ඉස්තිරික්කයයි, වැසිකිළි පෝච්චියයි රකින්න අපේ බදුමුදල් වලින් පඩිගන්න අයව යොදවලා. මේ වගේ අපරාධවලට ජනමාධ්‍යයත් වගකියන්න ඕනැ...