(ඩයනා උදයංගනී)
ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය මහ ජනතාවට නැරඹීම සඳහා විවෘත කිරීමෙන් පසු ඒවා නැරඹීමට විශාල පිරිසක් කොළඹ නගරයට පැමිණෙමින් සිටිති.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ බස් රථ ධාවනය අඩාල වී සහ පෞද්ගලික වාහනවලට ඉන්ධන ලබාගැනීම දුෂ්කර වී ඇති අවස්ථාවක වුවත් අද (11) දින්යේත් විශාල ජනකායක් මෙම ස්ථාන නැරඹීමට පැමිණ සිටිනු දක්නට ලැබිණි.
දුම්රියවල ද විශාල ජනකායක් කොළඹ නගරයට පැමිණෙන අතර මේ හේතුවෙන් දුම්රියන්හි දැඩි තදබදයක් පැවතිණි.
සිවු දිගින් පැමිණෙන දහස් සංඛ්‍යාත ජනකාය හේතුවෙන් එම ස්ථාන අසල ද දැඩි තදබදයක් පවතින අතර, ජනතාව එම පරිශ්‍ර වෙත පිවිසීම සඳහා කිලෝමීටර ගණන් දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු ද දක්නට ලැබිණි.
විශේෂයෙන් ද ජනාධිපති මන්දිරය දැකබලා ගැනීම සඳහා ජනතාව අතර දැඩි උනන්දුවක් පැවතිණි.
දුම්රියවල පැමිණි ඇතැමුන් පැවසුවේ මෙම මන්දිර දැකබලාගැනීම සඳහා ලැබුණු මෙම අවස්ථාව යළිත් කිසි දිනෙක නොලැබෙන බැවින් අපහසුතා මධ්‍යයේ හෝ ගොස් එය දැකබලා ගැනීමට යන බවයි.
මෙම මන්දිර නැරඹීමට යන ජනතාව ඒවායේ රිසි සේ සැරි සරමින්, ඒවායේ ඇති රූපවාහිනී යන්ත්‍ර, ස්ත්‍රික්ක, දුරකතන, නාන තටාක, කායවර්ධන උපකරණ, ඇඳන් ආදිය පවා භාවිතා කරනු පසුගිය දිනවල දැකගත හැකි විය.
ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය අරගලකරුවන් විසින් ඉකුත් 9 වැනිදා අත්පත් කරගත් අතර ඒවා තවමත් පවතින්නේ ඔවුන් යටතේය. මේ වන විට ගෝඨා ගෝ ගම තිබූ මහජන පුස්කතාලය ද අරගලකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයෙහි ස්ථාපිත කර ඇත.
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ ’’ ඇඹිලිපිටියේ පොඩ්ඩා’’ නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨා
වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි
විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම
කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ජනපති මැදුර බලන්න සිවු දෙසින් ජන ගඟක්
kamal Monday, 11 July 2022 05:05 PM
වැඩේ කියන්නේ එකටත් පෝලිමක්.
chandima Monday, 11 July 2022 06:39 PM
ජනතාවට පෙන්නන එකත් හොඳ දෙයක්. අරගලයේදී වුණු විනාශයත් ජනතාවට දැකගන්න පුළුවනි..!
Chandima Fonseka Tuesday, 12 July 2022 12:02 AM
ඔය තැන වලට අපේ මිනිස්සු තොග ගානේ එනකොට තොග ගානට ජාතික දේපල වලටත් මහා විනාශයක් වෙන්නේ. මොකද අපේ මිනිස්සු ඔය ජපානේ වගේ රටවල මිනිස්සු වගේ සංයමයකින් විනයකින් කටයුතු කරන්න ඉගෙන ගත්තු ජාතියක් නෙමෙයි. දැක්කනේ සමහරු ආතල් ගන්න කියාලා ඇඳන් මෙට්ට පාගලා විනාශ කරනවා.
මැක්ස් Monday, 11 July 2022 08:04 PM
යන්න. ගිහින් එහි ඇති කව්තුක වටිනාකම් ඇති වස්තුන් වනසන්න. එසේ නැත්නම් තමන්ගේ ගෙවල්වලට ගෙනියන්න. එමගින් අපි එසේ මෙසේ අරගලකාරයන් නොවන බව ලෝකයට පෙන්වන්න.
70% Monday, 11 July 2022 09:46 PM
බයවෙන්න එපා ඔය විදියටම ලබන මාසේ ඉඳලා පෝලිම්වල ඉන්න වෙනවා රටේ උද්දමනය 70% කින් වැඩි උනාම!
Tikiri Tuesday, 12 July 2022 08:11 AM
මෙ වගේ අමනෝඥ මිනිස්සු ඉන්න රටක මොන සිස්ටම් චේන්ජ් ද ? අ
BT Tuesday, 12 July 2022 09:20 AM
ඔහොම තවත් පෝලිම්වල ඉන්නේ නැතිව, ගෙවතු වගාවක් කරගත්තානම් නරකද? කන්ඩ නෑ කිය කියා ලෝකෙට පෙන්නුවාට, ජනාධිපති මන්දිරය බලන්න එන අය කවුරුවත් මන්දපෝෂණයෙන් පෙළෙන බවක්නම් පේන්න නැහැ නේද?
Bamunuarachchi Wednesday, 13 July 2022 07:59 AM
ඔය ගමන් ටිකක් පහලට ගිහිල්ලා අලි නාවන බෙසමත් බලලා හෝ ගාන පොකුණට හිගිල්ලා වතුර පාගලා. නැව් බලලාම යන්න. බන්ඩා නගරයට පැමිනීම සිහි වෙනවා.
yasantha Thursday, 14 July 2022 10:04 AM
මුන්ට පිස්සු.. අපි හරි අමුතු ජාතියක්.. ථෙල් පෝලිම්, කොවිඩ් පොලිම් දැන් රජගෙදර බලන්න පොලිම්.