IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ජනපති පොත් ප්‍රදර්ශනය බලන්න යයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට ගෙන ගොස් ඇති දුර්ලභ සහ ඓතිහාසික වටිනාකමකින් යුතු  ග්‍රන්ථ හා ලිපි ලේඛන ඇතුළත් විශේෂ පොත් ප්‍රදර්ශනයක් 75 වන නිදහස් සමරුවට සමගාමීව සංවිධානය කිරිමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේ දී  23 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාතික පොත් ප්‍රදර්ශනය නැරඹීමට අද (22) පෙරවරුවේ සහභාගී වූ  අවස්ථාවේ දී ය. 

නිදහස් සමරු පොත් ප්‍රදර්ශනය සඳහා  ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ද සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පැවසීය.

අද පෙරවරුවේ ප්‍රදර්ශන භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා ඇතුළු  පිරිස විසින් පිළිගනු ලැබීය. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති සමන් අතාවුදහෙට්ටි, පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සාමාජිකයන් වන විජිත යාපා, එච්.ඩී. ප්‍රේමසිරි, ආරියදාස වීරමන්,අතුල ජයකොඩි යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙවර පොත් ප්‍රදර්ශනයට දෙස් විදෙස් පොත් ප්‍රකාශකයන්ගේ කුටි 400කට වැඩි ප්‍රමාණයක් ඇතුළත්ව ඇති අතර එම ප්‍රදර්ශන කුටි වෙත යමින් ඒවා නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පොත් ප්‍රකාශකයන් සහ ලේඛකයන්ගේ තොරතුරු විමසමින් කෙටි කථා බහක නිරත විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදර්ශන භූමිය වෙත පැමිණ සිටි ජනතාව සමග ද සුහද කතා බහක නිරත විය.



අදහස් (12)

ජනපති පොත් ප්‍රදර්ශනය බලන්න යයි

amila Thursday, 22 September 2022 02:31 PM

එක පොතක් හරි කියවලා තිබ්බ නම් අද අපිට හොඳ රටක්තියනවා. මේ ගොල්ලෝ අපිට පෙරලන්නේ වෙනම පොත්නේ.

:       24       32

අප්පුහාමි Thursday, 22 September 2022 02:56 PM

ඇත්තටම අධිරාජ්‍යවාදී කාලයේ මෙරටින් ගෙනගොස් විවිධ රටවල තියෙනවා කියන පොත් ආපසු ගන්න බැරිනම් ඒවායේ පිටපත් ගෙනැවිත් මුද්‍රණය කර ජනතාවට ගන්න ක්‍රමයක් හදන්නවත් බැරිද? ඒ ගැන අවධානය යොමුවේවා.. ඒ අතරම කිරිඇල්ලේ වෙද හාමුදුරුවෝ ලියූ වෙදපොත් වැනි වටිනා පොත් අනාගත පරපුරට ගැනීමට සලස්වනවා නම් ඉමහත් සේවයක් වෙන්න පුළුවන්..!

:       0       40

චන්දීම Thursday, 22 September 2022 04:34 PM

අර නැතිවුනා කියන පොතුත් ඔතන තියෙනවද?

:       62       21

රුවන් Thursday, 22 September 2022 04:38 PM

මේ වගේ නිහතමානී නායකයෙක් මුළු රටේම වාසනාවක්.

:       42       31

Rata Perata Thursday, 22 September 2022 04:47 PM

විලච්චියේ දරුවෝ කන්න නැතුව සිහිනැති වෙලා වැටෙනවා. අපේ රටේ නායකා රැජිණ මළගෙදර යනවා. පොත් ප්‍රදර්ශනය බල්නන යනවා. මිහිනහට කිසි ගාණක් නෑ. රටේ කරු‍ෙම.

:       54       33

Akila Thursday, 22 September 2022 06:25 PM

දැන් බබා හම්බවෙන්න ළඟයි වගේ...!

:       51       5

chandima Thursday, 22 September 2022 08:46 PM

පොතක් ගහනවා කියන්නේ අනික් පැත්තෙන් ගහක් කපනවා කියන එකයි. නවීන ක්‍රමයට දියුණු වෙන්න හිතන ආණ්ඩුව මේ පෝසත් සේරම ඩිජිටල් ක්‍රමයට හරවලා තියාගත්තා නම් රටේ අස්සක්මුල්ලක් නෑර, සෑම කෙනෙකුටම එකවරම පොත පරිශීලනය කරන්න පුළුවන් වෙනවා. නමුත් මුද්‍රිත පොතක් එක්වරකට කියවිය හැක්කේ එක් අයෙකුට පමණයි...

:       38       2

kamal Thursday, 22 September 2022 08:49 PM

ඔතන තියෙනවාද පිනට දෙන පොත්?

:       23       2

මාලිනි Thursday, 22 September 2022 11:47 PM

ගෙදර පොත් ලයිබ්‍රරියක් තිබ්බාට එක පොතක් කියෙව්වේ නැහැ.. මාධ්‍යයට පේන්න පොත් ලයිබ්‍රරිය පිටි පස්සෙන් තියාගත්තා. මතක නේද මැන්ගේ බිල් ක්ලින්ටන් පොත..? හැම මාධ්‍ය සාකච්ඡාවකම පිටිපස්සේ පේන්න තිබුණා. ගෙදර උඩ තට්ටුවේ සිට පහත තට්ටුවට, මාධ්‍ය සාකච්ඡාව තියෙන තැනට...!

:       23       2

Perera Friday, 23 September 2022 12:31 AM

පිනාධිපති එක්ක සෙල්ෆි ගහන්නේ... මේ අයට මොංගල්ද?

:       19       3

Lal Friday, 23 September 2022 08:02 AM

සුබපැතුම් ජනාධිපතිතුමනි...,

:       5       11

Bamunuarachchi Friday, 23 September 2022 05:13 PM

ඔය යන්න ඇත්තේ අර නැතිවෙච්චි පොත් ඔතැන තිබෙනවද කියා බලන්න වෙන්න ඇති...?

:       18       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site