(කාංචන කුමාර ආරියදාස)
ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා තවමත් කාලය ජනාධිපති වෙත පවතින බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා අද (17) පැවසීය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා දඹුල්ල ප්‍රදේශයේ රාජකාරි සංචාරයක නිරත වූ අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින් මෙසේ පැවසීය.
මැතිවරණ කොමිෂන් සභාව ඉදිරි දින 12-13 ඇතුළත ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් මෙරට නීතිය අනුව එය ප්‍රමාද කිරීමේ හැකියාව පවතින එකම ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය බවත් එය යොමුකිරීමේ හැකියාව පවතින්නේ ජනාධිපතිවරයාට පමණක් බවද ආණ්ඩුකාරවරයා කීය.
ජනාධිපතිවරයා එය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීම සඳහා කටයුතු කිරීමක් සිදුකරයිද යන්න පෙනෙන්නට නොමැති බවද සඳහන් කළේය. කෙසේ වෙතත් දෙසැම්බර් මාසයේ ජනාධිපතිවරණය පවත්වා මහජන ඡන්දයෙන් ජනාධිපතිවරයෙක් තෝරා පත්කර ගැනීමේ අවස්ථාව පවතින බවයි.
ඉදිරිපත් වන අපේක්ෂකයන් ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයන් තවමත් ඉදිරිපත් වී නොමැතිකම ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බවද එක්සත් ජාතික පක්ෂය තුළ තවමත් අපේක්ෂකයකු තෝරාගෙන නැති බවද ඒ මහතා පැවසීය.
මැතිවරණයක අන්තිම මොහොත දක්වා අපේක්ෂකයන් ඉදිරිපත් නොකිරීම එක්සත් ජාතික පක්ෂයේ අදක ඊයෙක තිබුණු ප්‍රශ්නයක් නොවන බවත් එය දිගින් දිගටම පැවැති ප්‍රශ්නයක් බවද කීවේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
’ජනපති ධූර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්න තවම කල් තියෙනවා’