IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජනපති තරුෂි හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

ආසියා ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් තරුෂි කරුණාරත්න ශිෂ්‍යාව ඇගයීම මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (5) සිදු විය.

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් වෙත අක්තපත්‍ර ප්‍රදානය වෙනුවෙන් මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සව අවස්ථාවේදීම තරුෂි කරුණාරත්න ශිෂ්‍යාවද උත්සවාකාරයෙන් ජනාධිපති මන්දිරය වෙත පිළිගැනීම සිදු වූ අතර ජනාධිපතිවරයා විසින් සිසුවියව නව තානාපතිවරුන් වෙත හඳුන්වාදීම ද සිදු කරනු ලැබිණ.

තරුෂි කරුණාරත්න ශිෂ්‍යාවගේ පාසල වූ වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා පාසලේ මලල ක්‍රීඩා කටයුතුවල නිරතවන සිසු සිසුවියන් 76 දෙනාට ද ඇය සමග මෙම අවස්ථාවට එක්වීමට ආරාධනා කර තිබිණි.

ඒ අනුව එම සිසු සිසුවියන් සියලුදෙනා ද, විදුහල්පතිවරයා සහ තරුෂිගේ ක්‍රීඩා පුහුණුකරු ඇතුළු ක්‍රීඩා පාසලේ ගුරුවරුන් 06 දෙනාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී තරුෂි කරුණාරත්න සිසුවියගේ දක්ෂතා අගයමින් සිය සුබ පැතුම් පළ කළ ජනාධිපතිවරයා වසර 21 කට පසුව ආසියා ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒම සම්බන්ධයෙන් ස්තූතිය පිරිනැමීය.

අනතුරුව ජනාධිපතිවරයා තරුෂි ඇතුළු ක්‍රීඩා පාසලේ සිසු සිසුවියන් සමග සුහද කථාබහකට ද එක් විය.

ක්‍රීඩා පාසල් සංකල්පය අනුව 1995 වසරේදී මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා පාසල වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයේ ස්ථාපිත කෙරිණි. මෙම විදුහල ක්‍රීඩා අංශයෙන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ජයග්‍රහණ රැසක් අත්කරගෙන සිටින අතර දකුණු ආසියානු කණිෂ්ඨ මට්ටමේ සිට ඔලිම්පික් ක්‍රීඩා දක්වා සියලුම ජාත්‍යන්තර තරග නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවූ එකම පාසල ද වෙයි.

මෙම සිසු සිසුවියන්ගේ මලල ක්‍රීඩා දක්ෂතා ඉහළ නැංවීමට අවශ්‍ය පහසුකම් පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී බලධාරින්ගෙන් විමසා සිටියේය.

මංතීරු 08ක් සහිත මීටර් 200ක ධාවන පථයක්, මීටර් 300ක එක් පුහුණු මංතීරුවක්, මීටර් 130ක සෘජු ධාවන මංතිරු 04ක් ඉදිකිරීම ඇතුළු ක්‍රීඩාපිටිය ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 220ක මුදලක් වැයවෙතැයි ඇස්තමේන්තුගත කර තිබෙන බව මෙහිදී සඳහන් කෙරිණි.

අදියර දෙකක් යටතේ වසර දෙකක් ඇතුලතදී මෙහි ඉදිකිරීම් සම්පුර්ණ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත උපදෙස් දුන් අතර අවශ්‍ය ප්‍රතිපාදන මධ්‍යම රජය මඟින් වෙන් කිරීමට කටයුතු කරන බවද පැවසීය.

එසේම ක්‍රීඩා පසලේ අවශ්‍ය කඩිනම් ප්‍රතිසංස්කරණ සහ අවශ්‍යතා සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය යටතේ මෙම වර්ෂයේ දී රුපියල් මිලියන 10ක මුදලක් වෙන් කිරීමට කටයුතු කර තිබේ.

ක්‍රීඩාවෙන් පමණක් නොව අධ්‍යාපනයෙන්ද ඉදිරියට යාමට කටයුතු කරන ලෙස මෙහිදී සිසු සිසුවියන්ට ඔවදන් දුන් ජනාධිපතිවරයා ඔවුන් සියලුදෙනාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සිය සුබපැතුම් එක් කළේය.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරුෂි කරුණාරත්න ශිෂ්‍යාව ඇතුළු ක්‍රීඩා පාසලේ සිසු සිසුවියන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය. ‍

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර එතුමිය ද තරුෂි සමග සුහද කථා බහක නිරතවෙමින් ඇයගේ ඉදිරි අධ්‍යාපන සහ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් ආශිර්වාදය පළ කළාය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්.යු ගමගේ, වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ධම්මික හේරත් යන මහත්වරුන්ද තරුෂි කරුණාරත්න සිසුවියගේ දෙමාපියන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (7)

ජනපති තරුෂි හමු වෙයි

සුභාෂිණි Monday, 06 November 2023 06:08 AM

මටනම් අසිත තාපසයා මතක් වුනා එතුමා මුලින්ම සිනාසී පසුව අඩන්න ගත්තා සුද්ධෝදන රජ්ජුරුවෝ ඒගැන විමසුවාම සිදුහත් කුමරා මතු බුදුවන බව දැක්කම සිනාවක් ඇතිවුණා කියලා උන්වහන්සේ බුදු වෙලා දකින්නට නොලැබෙන නිසා ඇඩුවා කිව්වා ඉතින් මට ඒක මමතක් වුනාම තරුෂි දියණියගේ ජයග්‍රහණය ගැන ඉතාමත් සතුටක් ඇතිවුණා ඒත් අපේ රත්නපුර නගරයේ බාලිකා ක්‍රීඩා පාසල ගැන අඩන්නම හිතුනා

:       0       1

සුගත් Monday, 06 November 2023 06:14 AM

අනේ දුවේ පරිස්සමින්. වාසියක් නැත්නම් මනුස්සයෙක් එක්ක හිනවක්වත් වෙන මිනිහෙක් නෙවෙයි . උඹල වගේ 66000 බලන් ඉන්නව උන්ට වෙච්ච අසාධාරණයට යුක්‍තිය ඉටුවෙනකල්

:       1       2

Pradeep Kumara Monday, 06 November 2023 08:09 AM

බලාගෙනයි දුවේ. ඔය මනුස්සයා ඔය දිනාගත් පදක්කමට සහ ලැබුණු මුදලටත් බදු ගහයි...!

:       1       2

Shantha - Qatar Monday, 06 November 2023 10:33 AM

මගේ පාසල් මෑණියන්ගේ සෙවණේ වැඩෙන දියණියන් හා පුතුන්... පාසල සංවර්ධනයට ඔබතුමා ගත් තීරණයට බෙහෙවින්ම ස්තුතියි... ජනාධිපතිතුමනි,

:       0       3

wedage Monday, 06 November 2023 11:56 AM

ළමයින්ගේ අධ්‍යාපනය සහ පාසල් ටික කන්නේ නැතිව ඉන්නවා නම් හොඳයි...

:       1       2

fairoos Monday, 06 November 2023 12:55 PM

ඉතාම හොඳයි

:       0       1

Rata Perata Monday, 06 November 2023 01:15 PM

හ්ම්..., බලමු මේ ළමයින්ගේ අනාගතය කොහොම වෙයිද කියලා... මොකද අද වෙනකන් මේ මනුස්සයා අත ගහපු දෙයක් හරි ගිහින් නැහැ.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 97 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site