
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් තරුණ බලකාය අතර හමුවක් පිටකෝට්ටෙි සිරිකොත එජාප මූලස්ථානයේ දී පැවැත්විණි.
තරුණ තරුණියන්ගේ සහයෝගය එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ කරටයුතු සඳහා ලබා ගන්නා අකාරයත්, තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සහ එ්වාට දිය හැකි විසඳුම් පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරුණ බව සිරිකොත පක්ෂ මූලස්ථානය පවසයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සහ අවශ්‍යතාවයන්ට ගැලපෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී ඇත.
මෙම අවස්ථාවට පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, උප නායක අකිල විරාජ් කාරියවසම්,සභාපති වජිර අබේවර්ධන, කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන මහත්වරු ද සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණ පිරිස් ඉල්ලන ඕනෑම දෙයක් ලැබේවි පක්ෂයේ නායකකම හැර...
බ්‍රේස්ලට් එකක්, ටැබ්ලට් එකක් සහ wi-fi ටික විතරයි දැනට අඩු. අනික් ඒවා ඕසේට තියෙනවා. අඩු ටිකත් ලැබුණු ගමන්, "අති විශිෂ්ටයි සර්" !!!
අර ඉස්සර දීපු බ්‍රේස්ලට් දාගෙන කට්ටිය ඇවිල්ලා ඉන්නේ පේනවා නේද?
ගොඩක් තරුණයෝ ඉන්නවා නේද? හරි ෂෝක්...!