IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ජනපති ජර්මනියේ ලාංකිකයන් හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමු විය. 

ජර්මනියේ  ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කර තිබූ මෙම හමුවට එරට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ, ආයෝජකයෝ සහ වෘත්තිකයෝ රැසක් එක්ව සිටියහ. 

⁣මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කීවේ සමෘද්ධිමත් රාජ්‍යයක් වෙනුවෙන් එකට එක්ව කටයුතු කළ යුතු බවයි. 

රට ඉහළට ඔසවා තැබීම සඳහා විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ගේ දායකත්වය ඇගයූ ජනාධිපතිවරයා පැවැසූයේ බිද වැටී ඇති රාජ්‍ය යළි ගොඩනැගීම සදහා මේ වන විට ස්ථාවර ආරම්භයක් ගනිමින් සිටින බවයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ද මෙහිදී රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කළේය.

 



අදහස් (11)

ජනපති ජර්මනියේ ලාංකිකයන් හමුවෙයි

යෝගා Saturday, 14 June 2025 02:15 PM

දිනුවට පස්සේ ඩොලර් කෝටි ගණන් ගෙන්වන්න පුළුවන් කියලා ඡන්ද කාලේ කිව්වේ මේ අය ගැන වෙන්න ඇති. මොවුන් මෙතෙක් කරපු ආයෝජනයකුත් නෑ ඉදිරියට කරන්න පුළුවන් කියලා හිතන්නත් බෑ. ඇත්ත කතාව ලංකා ඩයස්‌පෝරාවේ 99%ක්‍ම ලොකු දේවල් කිසිවක් කරන්න බැරි... ඒත් රට කරන හැටි ගැන ලොකු ලොකු උපදෙස් දෙන්න නම් කැමති සාමාන්‍ය මිනිස්සු.

:       15       31

ChathuriSunday, 15 June 2025 01:04 AM

යෝගා වගේ. රට බන්කොලොත් කරපු අය. කියන කතා කියවන්නත් අප්පිරියයි රටේ නායකයා. තමන්ගේ රට රැක ගන්නයි දඟලන්නේ. එහෙම එකේ මොවුන්ට වචනෙන් වත් උදව් කරන්න බැරි නම්. රජ කාලේ වගේ මොවුන්ව වන්ගෙඩියේ දාලා කොටන්න නාකිමයිනා ඇතුලු නඩේට අන කරන්න ඕනෑ. මොවුන් ත්‍රස්තවාදින්ටත් වැඩිය දරුණුයි. පන්සල් නම් වරදින්නේ නැතිව යනවා ඇති නේද? මොවුන් ඉපදෙනකොට නර්ස්ලා ඇදලා අරන් කකුල් දෙකෙන් උස්සනකොට ඔලුව කොහේ හරි වැදිලා තියෙනවා. ඒකයි මේ විදියට කතා කරන්නේ...

:       4       2

රම්බොඩ Saturday, 14 June 2025 02:18 PM

දන්නා තරමින් නම් ජර්මනිය වගේ රටවලට ගිය අය ලංකාව අත හැරලාම ගියා මිසක් රැකියාවක් කරලා රටට සල්ලි එවලා නැවත රටට එන්න ගිය අය නොවේ. නිකම් බොරුවට මුණ ගැහෙනවා. කොටි ඩයස්පෝරාව එක්ක මොනවාද දන්නේ නෑ එකඟ වෙච්චි දේවල්. ඒ ගැන තමයි සැක...

:       27       25

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Saturday, 14 June 2025 05:22 PM

ජර්මන් ජනාධිපති ඉස්සරහ නැට්ට දෙපරන්දේ ගහගෙන ඉඳලා, කොහොමද අපේ අය ඉස්සරහ සිංහ සෙයියාවෙන් පච විදින හැටි...!

:       2       5

සෙනෙවිරත්න Saturday, 14 June 2025 05:28 PM

යෝගාටත්, රම්බොඩටත් ගණන් හිලව් දන්වනවාද සල්ලි එවන අය...? කලින් අය පවුල් පිටින් ගිහිල්ලා හොරෙන්ම එනවා, ඒවාට හුරේ දාලා දැන් මේවා හරියට කෙරෙනකොට ඇද කියනවා...

:       3       2

සෙනෙවිරත්න Saturday, 14 June 2025 05:28 PM

ගම්මන්පිල මොකද කියන්නේ?, කියන එකක්වත් වුනේ නැහැනේ...!

:       3       2

ගුණරත්න Saturday, 14 June 2025 05:47 PM

ජර්මනියේ ගියාට රාජ්‍ය නායකයා මුණගැසෙන්නේ වත් ලැබුනේ නැහැ කියල‍ා කනින් කොනින් ආරංචි ආවා, නාමික ප්‍රධානියා මුණගැහිලා හිඟමනක් ගන්න කතා කරලා ආවාලු...!

:       13       11

රනේ Saturday, 14 June 2025 06:34 PM

ඔය අවර ගණයේ කථා නවත්තලා ඔයාලත් යන්නම යන්නකෝ කොහේ හරි...

:       14       4

Asanga Sunday, 15 June 2025 10:09 AM

ඩයස්පෝරාවේ කට්ටිය හම්බවෙලා නැද්ද?

:       0       4

කපුරුහාමි Sunday, 15 June 2025 03:43 PM

හිටපු බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන් මහාපරිමාණ හොරකම් වන්චා, දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරන කොට බකන්නිලාගෙන හිටපු වහලුන්ට දැන් තමා ඇස් ඇරිලා තියෙන්නේ...?

:       4       2

කුකුල් චමින්ද Sunday, 15 June 2025 11:42 PM

වසර 76ක් තිස්සේ රටකාපු තක්කඩි හැතිකරෙගේ ඉඳුල් කාලා, මෙතන උදේ-හවස වැළලෙන එවුන් හිතං ඉන්නෙ, ආයෝජන කියලා කියන්නෙ කුලියාපිටියේ වෝක්ස් වැගන් ෆැක්ටරි දානවා වගේ වැඩ විතරමයි කියලා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 574 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site