IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ජනපති-ජපන් අගමැති හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

ජපාන අග්‍රමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරුන් අතර හමුව ජපාන අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී අද (29) සිදු විය.

මෙහිදී පැවති සාකච්ඡාවලදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර වෙළෙඳ, ආයෝජන, ආර්ථික, සංවර්ධන ආධාර සහ කලාපීය ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳව අවධානය යොමු කර තිබේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජපානය විසින් දක්වන ලද සහාය වෙනුවෙන් මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයට කෘතවේදීත්වයද පළ කර ඇත.

එමෙන්ම, මෙරට සංවර්ධන ක්‍රියාවලියේදී සමීප මිතුරකු සහ ණය ආධාර මෙන්ම ප්‍රදාන සපයන්නකු වශයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති රැසක් සඳහා ජපාන රජයෙන් ලැබෙන අඛණ්ඩ දායකත්වය සහ සහයෝගයද ජනාධිපතිවරයා එහිදී ඇගැයීමට ලක් කර ඇත.



අදහස් (2)

ජනපති-ජපන් අගමැති හමු වෙයි

රාලහාමි Monday, 29 September 2025 06:29 PM

ගම්මන්පිල කියන පචම කෙලින, මුළු රටම අන්දන නරුම අසික්කිත පාහරයින්, අද මාධ්‍යයට ප්‍රකාශ කළා... ජනාධිපතිතුමාට ජපානයේ රාජ්‍ය තන්තිරික ආරාධනයක් නැහැ..., එනිසා ජපානයේ මැති ඇමැතිවරු හම්බවෙනවා කියන්නේ බොරු, මේ ගමන ගියේ ජපානයේ සිටින ලංකාවේ අයව හම්බෙවෙන්න කියලා.

:       5       10

Gan kabaraya Tuesday, 30 September 2025 12:49 AM

ජපන්නු රතුපලසක් දාලා නැත්තේ හොඳ වෙලාවට සහෝ. නැත්නම් මට දුක්වෙන්නමයි හිතෙන්නේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 173 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2062 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site