IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජනපති ජනතාවගේ නිදහස නැති කරලා

(නිමල කොඩිතුවක්කු)

76 නිදහස සමරණ මේ මොහොතේ් රට කාගෙවත් වහලුන් බවට පත්ව යටත් විජිතවාදී රටක් නොවුවත් රට තුළ කෙතරම් දේශපාලන නිදහසක් ඇත්ද යන්න ගැටලු සහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ජනතාවගේ භාෂණයේ දේශපාලනය කිරීමේ, මතයක් දැරීමේ නිදහස සහ සත්‍ය හෙළිදරව් කිරීමේ නිදහස අහිමි කර ඇති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

ඒ වෙනුවෙන් මාර්ගගත සුරක්ෂිතභාවය පනත කථානායකවරයා ප්‍රමුඛ ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග නොතකා සම්මත කර ගත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 83 වැනි අදියර යටතේ ගාල්ල හපුගල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, චන්දිම වීරක්කොඩි, සමගි ජන බලවේගයේ අක්මීමන ආසන සංවිධායක විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ



අදහස් (2)

ජනපති ජනතාවගේ නිදහස නැති කරලා

chandima Tuesday, 06 February 2024 12:14 AM

ඕවා කිව්වට ජනාධිපතිට විරුද්ධ මිනිස්සුන්ගේ චන්ද ගන්න ලැබෙන්නේ නැහැ . ඔන්න අර තාත්තා බෙදාපු කුකුල් කූඩු වලට ගිහින් අනේ අපේ තාත්තා දීපු වට හරියන්න මට චන්දෙ දීපල්ලා කිව්වොත් අඩු ගානේ චන්ද දහයක්වත් වැඩිකරගන්න පුළුවන් වෙයි

:       0       3

දහනායක Tuesday, 06 February 2024 07:14 AM

සිරිමාවෝ හාල් පොලු මිරිස් පොලු දමා (අනුර) අගහරුවාදාත් (සිරිමාවෝ ) සිකුරාදාත් බත් කෑමට තහනම් කලා එහෙම කරන අතර රතුලූනු පරිප්පු වගේ දේවල් ගෙන්වීම තහනම් කලා මිනිස්සු ටිකෙන් ටික මිරිස් රතුලූනු වවන්න ආරම්භ කලා රටින් රෙදි ගෙන්වීම නවතා දේශීය රෙදි කර්මාන්ත ඇතිකර නිෂ්පාදනය කලා රෙද්ද ගන්න සමුපකාර පෝලිමේ යන්න වුනා ජනතාව දැඩිසේ පීඩාවට පත්වුනා නමුත් එම ක්‍රමය මෙතෙක් තිබුනා නම් රටේ සංවර්ධනයක් වෙන්න තිබුනා නමුත් සුවපහසු බැලූ මිනිස්සු එම ක්‍රමය වෙනස් කිරීම නිසා සියලු කර්මාන්ත නැතුව ගියා දැන් ජනතාව සූරාකමින් පීඩනය දෙමින් කටයුතු කරනවා විශ්‍රාමිකයින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තුට්ටුවකට නොසලකා කටයුතු කරනවා මෙහෙම ගියාම 20 යි 48 ටේ අපි කියන විධියට නම් දෙදාස් හතලිස් අටේ රටේ සංවර්ධනයක් වෙන්න පුළුවන් ඒත් ඔය මහත්වරු කියනදේ අහල එම තත්වය ආපසු යාවි කියලා හිතෙනවා

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site