IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ජනපති කළ යුතු දේ පාඨලී කියයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ මොහොතේ තීරණය කළ යුත්තේ රාජපක්ෂලා පස් දෙනකු පාර්ලිමේන්තු ගෙන එම සඳහා මැතිවරණයක් පවත්වනවාද? නැතහොත් ජූනි මාසයේ ණය ප්‍රතිව්‍යුහගත කර රට ස්ථාවර කරනවාද? යන්න බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

 තවදුරටත් පන්සල් වලට ගොස් නයි පෙන්නා වංචා කර බුද්ධ ශාසනය විකුණාගෙන කෑමෙන් වැලකී සිටින ලෙස කී රණවක මහතා මේ මොහොතේ පන්සල් වල පවතින දානය ලැබීමේ ගැටලු  විදුලිය ලබාගැනීමේ ගැටලු පිළිබඳව සොයා බැලිය යුතු බවද කීය.

මහින්ද රාජපක්ෂ මහතා මේ මොහොතේ තව තවත් දේශපාලන සෙල්ලම් නොකර විශ්‍රාම යා යුතු බව කී රණවක මහතා නැවත බල ලෝබයෙන් සිදුකරන වංචා සහගත ක්‍රියාවන් වලින් සිදුවන්නේ අහිංසක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් නැවත වතාවක් අපහසුතාවයට පත්වීම බව සඳහන් කළේය.

ගම්පහ පැවති ජන හමුවක් අමතමින් පාඨලී චම්පික රණවක  මහතා මේ බව කීය.



අදහස් (12)

ජනපති කළ යුතු දේ පාඨලී කියයි

Hafeel Monday, 25 March 2024 01:48 PM

රනිල්ට රාජපක්ෂලා සහ පොහොට්ටුව හැර විකල්පයක් නැහැ. නමුත් එම රාජපක්ෂලා සහ පොහොට්ටුව කොතරම් උත්සාහ කලත්, ජනතාව ඉදිරුයේ රනිල් සහ රාජපක්ෂලා ඇතුළු පොහොට්ටුව අන්ත පරාජයට පත් වෙනවා.

:       19       34

Prabha Monday, 25 March 2024 02:09 PM

රනිල් රාජපක්ෂ ආදර කතාවට බාධා නොකරනු

:       10       18

චන්දන Monday, 25 March 2024 02:31 PM

කොතරම් උත්සාහ කළත් මහින්ද හැර වෙනත් රාජපක්ෂවරයකුට ඡන්දෙ ඉල්ලා පාර්ලිමේන්තුවට එන්න බැහැ. ඒත් මහින්ද දැන්වත් නම්බුව තියාගෙන දේශපාලනයට සමුදීම ඉතා හොඳයි. මහින්ද විතරක් නෙවෙයි ෆොන්සේකාත් දේශපාලනයට සමුදිය යුතුයි. දැන් රාජපක්ෂ පාලන කාලේ ඉවරයි. එයාලා ඒ බව සිහිපත් කරගන්න එක සුබයි.

:       5       18

podi hadaya Monday, 25 March 2024 03:13 PM

මෙයත් අවස්ථාවෙන් ප්‍රෙයා්ජන ගන්න කෙනෙක්... සජබයට පින්සිදු වෙන්න මන්ත්‍රී වෙලා... දැන් යන්නේ ඉබාගාතේ...

:       3       17

Chandana Monday, 25 March 2024 03:33 PM

පාටලී ඉදිරි නායකකමට සුදුසු අයෙක්...

:       19       11

NIMAL Monday, 25 March 2024 06:25 PM

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ මොහොතේ තීරණය කළ යුත්තේ රාජපක්ෂලා පස් දෙනකු පාර්ලිමේන්තු ගෙන එම සඳහා මැතිවරණයක් පවත්වනවාද? රාජපක්ෂලා පස් දෙනකු පාර්ලිමේන්තු ගෙන එම පිළිබඳව තීරණය කරනු ලබන්නේ රටේ පුරවැසියන් විසිනි.

:       1       7

chandima Monday, 25 March 2024 08:00 PM

රනිල් විතරක් නෙවෙයි... රොත්ත පිටින්ම විශ්‍රාම යවන්න තමයි අපි බලන් ඉන්නේ. මහජන මුදලින් ඉගෙන ගෙන විදුලි ඉන්ජිනේරුවෙක් වෙලා පාරේ බෙරිහන් දිදී ඉන්නවා. අධ්‍යාපනයට ගත්තු ණය රටේ මිනිස්සු ගෙවනවා... කාලකණ්ණි...!

:       1       12

ලිලිපුට් Monday, 25 March 2024 08:03 PM

මෙයා නිසා තමයි හිරුණිකාට පාර්ලිමේන්තුවට එන්න තිබුණ චාන්ස් එක නැතිවුනේ.

:       0       4

ChandraMonday, 25 March 2024 10:05 PM

ඇත්තම තමයි . ලිංගික අමාතාංශයක් පිහිටුවල බාරදෙන්න තිබුන එහෙමනම් . අපරාදේ .

:       0       0

SUNIL MILANO Monday, 25 March 2024 08:17 PM

මෙයා පාට ලීයක් නෙමෙයි... දිරච්ච ලීයක්... !

:       0       0

Asanga samantha Tuesday, 26 March 2024 10:35 AM

ජනපතිකමට හීන දකින කෙනෙක්.

:       0       1

[email protected] Tuesday, 26 March 2024 11:14 PM

ඇයි මහින්ද විතරක්? ඔයත් විශ්‍රාම යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 583 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 332 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site