IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජනපති කාර්යාලයෙන් මහජන අදහස් විමසීමක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ජාතික ක්‍රියාකාරී සැලැස්ම සැකසීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මහජන අදහස් අපේක්ෂා කරයි.

2023-2025 කාලසීමාව වෙනුවෙන් මෙම අදහස් විමසනු ලබයි.

“විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය” යනු රජයන්, සිවිල් සමාජය සහ පුරවැසියන් අතර හවුල්කාරිත්වය තුළින් විනිවිදභාවය, සහභාගීත්වය, වගවීම සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කරන විවෘත රාජ්‍ය ක්‍රමය ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් බහුපාර්ශ්වික මුලපිරීමක් බව ජනාධිපති කාර්යාලය පවසයි.

මේ වන විට ලොව පුරා රටවල් 75 ක්, පළාත් පාලන ආයතන 104 ක් සහ සිවිල් සමාජ සංවිධාන දහස් ගණනක් විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන සමඟ සම්බන්ධ වී කටයුතු කරයි.

විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහනේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, සිය 2023-2025 කාලසීමාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ‍සකස් කිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව එය ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ලෙස රජයේ සහ සිවිල් සමාජ පාර්ශවකරුවන්ගේ ඒකාබද්ධතාවයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. 

ඒ අනුව මෙම විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ක්‍රියාකාරී සැලැස්මෙ හි  සම-නිර්මාණකරුවෙකු ලෙස සිය වටිනා අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ට අවස්ථාව ලබා දී තිබේ. එමඟින් ශ්‍රී ලංකාව තුළ විවෘත, සහයෝගීතාවයෙන් යුතු සහ ප්‍රතිචාරශීලී රාජ්‍ය පාලනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ජනතාව වෙත ආරාධනා කෙරේ.

මේ සඳහා වන ප්‍රශ්නාවලිය වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවිය https://www.presidentsoffice.gov.lk ඔස්සේ ප්‍රවේශ විය හැක.



අදහස් (3)

ජනපති කාර්යාලයෙන් මහජන අදහස් විමසීමක්

අරවින්ද මොනරවිල Wednesday, 20 December 2023 02:13 PM

විකාර කියවන්නේ නැතුව, පිස්සු කෙලින්නේ නැතුව ගෙදර යන්න ලැහැස්තිවෙන්න, 2015 නොවෙයි 2024 දීම ඔයාට යන්න වෙනවා ඒකාන්තයෙන්ම...!

:       4       4

Deepal Nirosh Wednesday, 20 December 2023 03:01 PM

මොන මහජන අදහස් විමසීමක්ද? නියමිත මැතිවරණයට පෙර මහජන මතය ව්‍යංගාර්ථයෙන් විමසීමක් පමණයි. ආර්ථිකය ගොඩ ගත්තා නම් ඇයි මේ හැටි මැතිවරණවලට බය...?

:       3       2

abeygunasekarasampath95 Wednesday, 20 December 2023 08:01 PM

මේ මනුස්සයා යවලා ගේන්නේ කවුද? අර්බුද ආවම පිස්සන් කලබල වෙනවා... ඩියුටිය කළේ මේ මනුස්සයා විතරයි... නැතිනම් තවම තෙල් පෝලිම්වල ඉන්න තිබුණා... ඊළඟ ජනාධිපති තමයි ඔයා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site