IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජනපති කර්මාන්ත විප්ලවයක් ගැන කතා කරයි

(අංජුල මහික වීරරත්න)

හතරවන හා පස්වන කාර්මික විප්ලව වල නව කර්මාන්ත තාක්ෂණය හා මුසුවූ ඩිජිටල් ආර්ථිකය ඉක්මවා යාමට අවශ්‍ය නවීන තාක්ෂණය  කර්මාන්ත වලට හඳුන්වා දෙමින්  කාර්මික අධ්‍යාපනික හා පුහුණු අවස්ථා වැඩිදියුණු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

2023 වසරේ අවසන් කාර්තුවේ මෙරට පැවැත්වීමට නියමිත “නව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය" පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ  පැවැත්වුණු අතර ඊට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. 

මෙරට විවිධ කර්මාන්ත  මේ වන විට පවතින  තාක්ෂණික මට්ටමේ සිට  නව කාර්මික විප්ලවවල තාක්ෂණයෙන් අනුන වූ ඩිජිටල් ආර්ථිකය අතික්‍රමණය (accelerate) දක්වා ගමන් කරන්නේ කෙසේද යන්න පිළිබදව හඳුනා ගනිමින් වත්මන් අර්බුදය ජය ගැනීම සඳහා ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම උදෙසා තාක්ෂණය උපයෝගී කර ගැනීම මෙම ප්‍රදර්ශනය සංවිධානය කිරීමේ අරමුණයි. 



අදහස් (4)

ජනපති කර්මාන්ත විප්ලවයක් ගැන කතා කරයි

sachith Thursday, 26 January 2023 06:35 PM

කාව රවට්ටන්න හදනවද? අවුරුදු 50ක් විතර පාර්ලිමේන්තුවේ ඉඳලා ඇමැති, අගමැතිකම්, කරලා දැන්ද මේ කාර්මික විප්ලවයක් මතක් වෙන්නේ? මොන කාර්මික විප්ලවය කරන්නත් කළින් බලශක්ති සුරක්ෂිතතාවයක් තියෙන්න ඕනෑ. එහෙම නැතිනම් ඉතින් ඔයාලා වගේ අයට ඊන්දෙ දෙන කකුල් දෙකේ බූරුවන් දාලා තමයි කර්මාන්ත ශාලා දුවන්න වෙන්නේ..

:       4       70

siriFriday, 27 January 2023 08:06 AM

සහතික ඇත්ත... බොරු වචන හරඹ දාලා ජනතාව දශක ගණනාවක් ගොනාට ඇන්දුවා. ඔය දෙගොල්ලොමනේ කියාගත්තේ දෙපැත්තෙම අය බිලියන ගණන් හොරකම් කරලා කියලා... රට විනාශම කරලා ඡන්දෙකට විතරක් සල්ලි නැහැ කියලා අපිම බලේ ඉන්නම් කියන එක මොනතරම් විලි ලැජ්ජා නැති වැඩක්ද? මේවා ඉතිහාස ගත වෙනවා නේද? අනාගත පරපුර බුද්ධිමත්....

:       0       25

Perera Friday, 27 January 2023 04:57 AM

රට බංකොළොත්... මිනිස්සුන්ට කන්න නැහැ, බෙහෙත් නැහැ. කාර්මික විප්ලව ගැන මගුලක් කතාකරනවා.

:       0       24

swene Friday, 27 January 2023 07:24 AM

මොනවා හරි කියනවා. මොනවා හරි දානවා... මතකද වොක්ස්වැගන් කර්මාන්තය?

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site