IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනපති කියන සුන්දර ලොව බිහි වන තෙක් බඩගින්නෙ ඉන්නවාද?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරයා කියන සුන්දර ලෝකය 2048 දී බිහිවන තෙක් තව වසර 25ක් යන තුරු ජනතාව බඩගින්නේ තියන්න පුළුවන් දැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා කළ කතාව පිළිබඳ විරුද්ධ පාර්ශ්වය ගෙන ආ කල් තැබීමේ විවාදය අරඹමින් තිස්ස අත්තනායක මහතා මේ බව කීය.

2048 වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් වන බව ජනාධිපතිවරයා  ජාතිය අමතමින් ප්‍රකාශ කළ බව කී අත්තනායක මහතා එතුමා සුන්දර කතාවක් කිව්ව නමුත් මේ ප්‍රශ්න විසදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග රැසක් තිබෙන බව කීය.

ලංකාවේ දිළිඳුකම දෙගුණයකින් වැඩි වී ඇති බව ලෝක බැංකුව පුරෝකතනය කර ඇතැයි ද ජනගහනයෙන් සියයට තිස්තුනක් තුන්වේල කන්නෙ නැති බව ලෝක බැංකුව කියන බවද  අත්තනායක මහතා සඳහන් කළේය.

ජන ගහනයෙන් සියයට 48 ක් ගන්නා කෑම ප්‍රමාණය අඩු කර තිබෙන බවද රටේ ණය ප්‍රමාණය වැඩි වී ඇතැයිද අත්තනායක මහතා කීය.



අදහස් (2)

ජනපති කියන සුන්දර ලොව බිහි වන තෙක් බඩගින්නෙ ඉන්නවාද?

P.d Goonawardena Thursday, 22 June 2023 11:36 AM

නෑ...බූරැවා ගෙනල්ල ආතල් බල බල ඉන්නව......

:       2       4

Bamunuarachchi Friday, 23 June 2023 10:59 AM

ඈ ඕයි ඔහෙලා බලයට ආවොත් කොහොමද කරන්නේ.? අපිට හොඳට කන්න බොන්න දීලද සුන්දර ලෝකෙට ගෙනියන්නේ. අපි වෙන ලොකෙකින් ආවේ නැහැ හලෝ. ඔහෙලා සියළුම දෙනා ගැන අපි දන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site