IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජනපති කුඹුරට බසියි

(අංජුල මහික වීරරත්න)

යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

බෝග අපනයනය ඉලක්ක කර ගත් තරගකාරී කෘෂි කර්මාන්තයක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් මෙරට දියත් කෙරෙන විශාලතම කෘෂි නවීකරණ වැඩසටහන නුදුරේදීම ක්‍රියාත්මක කරන බවද පැවසීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල මහතාගේ ආරාධනයකට අනුව තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලමැටියාව ග්‍රාමයේ වී අස්වනු නෙලීමේ අවස්ථාවට  සහභාගී වූ අවස්ථාවේ දීය .

තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ අක්කර 9000ක පමණ  වී වගාව සිදු කර ඇති අතර ගලමැටියාව ග්‍රාම  නිලධාරී වසමේ පමණක් මහ කන්නයේදී අක්කර 672 ක් වගා කොට ඇත.

ජනාධිපතිවරයාගේ පැමිණීමත්  සමඟ පක්ෂ, පාට බේදයකින් තොරව එහි රැස්වූ ප්‍රදේශවාසී ජනතාව ඔවුන් මුහුණ දෙන විවිධ ගැටළු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කළහ. එම  ගැටළු පිළිබඳ සොයා බලා ඒවාට විසඳුම් ලබා දීමට මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා  ඒ අවස්ථාවේදීම  අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

 



අදහස් (5)

ජනපති කුඹුරට බසියි

පුරවැසියා Sunday, 03 March 2024 08:41 AM

රට රැකුනේ ඔබලා හින්දා...!

:       0       0

PATTA hora Sunday, 03 March 2024 09:15 AM

මේ "කුඹුරු ගොඩකරලා කෙසෙල් හිටවන්න "කියපු කෙනා නේද? මේ පිනා අර "ගොවියෝ කියන අය වට්ටක්කා ඇට දෙකක් විසිකරලා, මාස ගාණක් කකුල් උඩ දාගෙන ඉඳලා, වට්ටක්කා වලට මිලක් ඉල්ලනවා " කියපු කපුටා එක්ක එකතුවෙලා ආපහු බලය ඉල්ලන්න හදන්නේ...

:       0       0

amal Sunday, 03 March 2024 11:35 AM

නියර දැක්කාම, කුඹුරට බැහලා කපන්න හිතෙන්න ඇති...

:       0       0

Rohana Monday, 04 March 2024 03:19 PM

කුඹුරට බසියි කිව්වාට එහෙම කුඹුරට බැහැලා නෑ. නිකමටවත් කුඹුරට බහින්න නම් එපා මඩ ගෑවෙයි, ඇඳුම් කිළිටිවෙයි..

:       22       0

Vithana Tuesday, 05 March 2024 04:12 AM

ලෝකේ හැම සංවර්ධිත රටක්ම ඉස්සෙල්ලා කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත වුණා. ඔක්කෝටම කලින් කෑම බීම ටික හදගන්න ඕනේ. ජනාධිපතිතුමාගේ මේ අදහස් අගය කළයුතු වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site