(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
ඉරුදින පාස්කු ප්‍රහාරය සොයා බැලීම පිළිබඳ පත් කළ ජනාධිපති කොමිසමේ සාක්කි ජංගම දුරකතනය මාර්ගයෙන් පටිගත කිරීම සම්බන්ධව චෝදනාවලට වරදකරු කළ නීතිඥවරයෙකුට මාස 8 ක කාලයකට ඔහුගේ නීතිඥභාවය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
මෙම අත්හිටුවීම ලබන වසරේ ජනවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මකය.ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ තීන්දු කළේ එම කොමිසමේ ලේකම් එල්.එම්.බී.පී හේරත් මහතා විසින් ගොනුකළ පැමිණිල්ලක් විභාගයට ගැනීමෙන් පසුවය.මෙසේ නියෝග කළේ බුවනෙක අලුවිහාරේ, එස්.තුරේරාජා සහ මහින්ද සමයවර්ධන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.
පසුගිය සැප්තැම්බර් 9 වැනිදා අදාළ ජනාධිපති කොමිසමේදී එක්සත් ලංකා ජයමිතුල්ලා උලමා සංවිධානයේ මොහොමඩ් මුර්ෂා මර්ෂා නැමැත්තා සාක්කි දෙමින් සිටියදී ඔහුගේ සාක්කිය ජංගම දුරකතනයෙන් පටිගත කිරීමෙන් නීතිඥවරයෙකුට නොහොබිනා ආකාරයට හැසිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් උල්ලංඝනය කළා යැයි එම මහතාට චෝදනා එල්ල වී තිබිණ.
නීතිපති වෙනුවෙන් නීතිඥ ගංගා වාකිෂ්ඨ ආරච්චි සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේෂ් ගොපල්ලව මහතා පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 18
146
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති කොමිසමේ සාක්කි පටිගත කල නීතිඥයකුට වැඩ වරදියි
Rata Perata Tuesday, 24 October 2023 06:51 PM
වැඩ වරදින්නේම ඔයවගේ වැඩක් කරන පහළ අයටම විතරයි. බෝම්බ ගහපු අයට, ඒවා සැලසුම් කරපු අයට, කිසිම වැරැදීමක් නෑ...