IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ජනපති කොමිසන්වලට ලක්ෂ 5301ක් වැය කරලා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පසුගිය රජයන් පත්කළ ජනාධිපති කොමිෂන් සභා දාහතරකට රුපියල් කෝටි 53 කට වැඩි මුදලක් ( ලක්ෂ 5301ක්) වැය කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.

එහෙත් මෙම කොමිෂන් 14න් නිර්දේශ ක්‍රියාත්මක කර ඇත්තේ පසුගිය අරගල සමයේදී මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසේ දේපළ හානි වීම් පිළිබඳව සෙවූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පමණක් බවද ඔහු සඳහන් කළේය.

මේ අතර හිටපු ජනාධිපතිවරුන් රැක බලා ගැනීමට 2024 දී පමණක් රුපියල් කෝටි 11 කට වැඩි මුදලක් වැය කර ඇතැයිකී ජයතිස්ස මහතා රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ කාලයේ ආණ්ඩු පක්ෂ සංවිධායකවරුන් හය දෙනාට කෝටි 37 කට වැඩි මුදලක් වැය කර ඇතැයිද සඳහන් කළේය.

ජයතිස්ස මහතා මෙසේ පැවසුවේ ජනාධිපති, අගමැති උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් ඇතුළු ආයතන සහ පුද්ගලයන්ගේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.

 



අදහස් (13)

ජනපති කොමිසන්වලට ලක්ෂ 5301ක් වැය කරලා

ප්‍රියන්ත Friday, 28 February 2025 06:44 AM

මෙන්න නියම පාතාලේ.

:       1       7

අරවින්ද මොණරවිල Friday, 28 February 2025 06:58 AM

අපි නොකා නොබී හරි ආණ්ඩුවට බදු ගෙවනවානේ, උන්ට තිබුණේ එවා හොරකම් කරන්න නාස්ති කරන්න විතරයි කියලයි උන් හිතාගෙන ඉන්න ඇත්තේ.

:       3       12

Jamal Friday, 28 February 2025 07:31 AM

කයියෝ කියන්නේ නිකන්ද? කියනවා විතරයි.

:       10       7

chandima Friday, 28 February 2025 07:43 AM

අසූචි කාපු බල්ලෝ අසූචි වටේම කැරකෙනවා.

:       2       6

pj Friday, 28 February 2025 08:36 AM

මෙම අනවශ්‍ය වියදම් දේපල හානි පිටුපස සිටි අයගෙන් අයවිය යුතුමය...

:       2       9

ටාරා Friday, 28 February 2025 09:59 AM

දැන් මොකක් ද අපි කරන්න ඕනේ...?

:       2       13

අරවින්ද මොණරවිල Friday, 28 February 2025 02:33 PM

ආයෙත් සැරයක් වික්‍රමසිංහලා රාජපක්ෂලා බැරි නම් ප්‍රේමදාස කෙනෙක් හරි බලයට ගෙන එන්න මහන්සි වෙන්න. එතකොට රට බංකොලොත් කරලා නවතින එකක් නැහැ. ට්‍රම්ප්ට, ෂිං ජින් පෙන්ට, මෝදිට බැරි වුනොත් කලිඩා ෂියාට හරි රට විකුණයි.

:       4       4

SB Friday, 28 February 2025 10:22 AM

සියලුම මූල්‍ය වංචා සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුය

:       1       11

පිටරටවැසියා Friday, 28 February 2025 11:26 AM

රටේ ජනතාවගෙ බදුමුදල් වලින් අනන්තවත් කොමිෂන්... හැබැයි, රටට, ජනතාවට වෙච්චි සෙතක්නම් නෑ. මහ බැංකු වංචාවටත් කොමිසමක් දැම්මා. හිටපු අධිපති හොරා කොමිසමට ඇවිල්ලා, කිසිම දෙයක් කියන්නේ නෑ කියලා ගොං පාට් එකකුත් දාලා සිංගප්පූරුවේ මගුල් ගෙදර ගියා. අරගල හානි වන්දි පූර්ණය නම් ඉතා ඉක්මණින් සහ තක්සේරු මුදලටත් වඩා වෙලා තියෙනවා. ඒ මදිවාට රටේ අතලොස්සක් මෙතැන වැළලෙන ගමන්, රට කාපු හැත්තට තාමත් රෙදි නැතිව කඩේ යනවා.

:       1       14

Rata Perata Friday, 28 February 2025 12:05 PM

සූත්තර පුංචා රට නැති කරලාම ගිහිල්ලා වගේ...

:       5       17

රම්බොඩ Friday, 28 February 2025 01:59 PM

මේවාට එකවරම කුපිත නොවිය යුතුයි. ඔවුනුත් මොවුනුත් කරන්නේ එකම දේශපාලනය. පරණ කුණු ඇද ඇද සිටීමම තේරුමක් නැති වැඩක්. මොවුන් ඉන් බලාපොරොත්තු වන්නේ තම දුර්වලතා වසාගෙන තව තවත් කල් බලයේ සිටීමම විය හැකියි.

:       7       9

සෙනෙවිරත්න Friday, 28 February 2025 02:08 PM

මේවට දඬුවම් දෙන්න බැරි බව පේනවනේ මොකද ව්‍යව්‍යවස්ථාවෙන් හිමි බලතල, සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් , පැන්ෂන් ගිහින් ඉන්න යාලුවන්ට සළකන්න දාපු කොමිෂන්,

:       4       4

දොන් සේතංFriday, 28 February 2025 02:38 PM

ඉතින් රත්තරනේ ව්‍යවස්ථාව වෙනස් කරලා දඬුවම් දීපල්ලකෝ. මොකද අපි එපා කියනවාද?

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සබරගමු සිසුවාගේ මරණයට සිසුන් 15කගෙන් ප්‍රකාශ ගනී
2025 මැයි මස 02 324 0

සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන


ප්‍රසන්න ඉෂාරා හොයන්න වෙස් ගැන්වූ කණ්ඩායම්
2025 මැයි මස 02 1229 3

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය


’ටිකිරා’ ඝාතනයට අයෙක් මාට්ටු
2025 මැයි මස 02 206 0

ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව


පාස්පෝට් නිකුත් කිරීම දින තුනක් සීමාකරයි
2025 මැයි මස 02 283 0

පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම



කොස්ගොඩ පොලිසිය ඇල්ලූ තරුණයා හදිසියේ මරුට
2025 මැයි මස 02 1365 1

මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 473 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 123 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1144 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site