IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘ජනපති කතෝලික සභාව නොමඟ යැව්වා‘‘

(කීර්ති ප්‍රනාන්දු) 
පාස්කු ප්‍රහාරයේ ඉදිරි පරීක්ෂණ සම්බන්ධව රජය සමග කතෝලික සභාව එකඟ වූ සාකච්ඡාවෙන් ඉවත් වන්නට සිදුවූයේ ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශයක් නිසා බව මැල්කම් කාදිනල් රංජිත්  කොළඹ අගරදගුරුතුමෝ  පැවැසූහ.

ජනාධිපතිවරයා කතෝලික සභාව පාවිච්චි කරමින් කරන්නට  උත්සාහ කළ ලාබ දේශපාලන යටිකූට්ටු වැඩපිළිවෙළ තමන් හට හෙළිදරව් වූ බව ද  කාදිනල්තුමෝ  එහිදී කීහ .
දෙවොලපොළ වඩුමුල්ල යහපත් අනුශාසනාදායක මාතා දේවස්ථානයේ 75 වැනි  සංවත්තරය සහ වා ර් ෂි ක මංගල්‍යය සැමරීම වෙනුවෙන් පැවැති දේව මෙහේදී කාදිනල් තුමෝ මේ බව ප්‍රකාශ කළහ.
පාස්කු ප්‍රහාරය ගැන කතා කරන විට අපි නිතරම අවදියෙන් ඉන්නේ. ඒක අපේ වගකීමක්. අපේ සහෝදර සහෝදරියන් ,සංචාරක හෝටල්වලට පැමිණි විදේශිකයන් ඇතුළු 274  දෙනකු   අමු අමුවේ ඝාතනය කළා . ඒක තමයි අවුරුදු තිහක් ලංකාවේ තිබුණු අවාසනාවන්ත යුද්ධයෙන් පස්සේ සිදුවුණු ඉතා භයානකම ත්‍රස්තවාදී ප්‍රහාරය. ඒ නිසා ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය ලෙස අපි ඉල්ලා සිටියේ නිතරම කරුණාකරලා විනිවිද පෙනෙන විමර්ශනයක් කරන්න කියලා . ඒ කියන්නේ එක එක දේශපාලන පක්ෂවලට ඒ අයගේ වැරදි වහගන්න කරන විමර්ශනයක් නෙවෙයි. විනිවිද පෙනෙන හැමෝටම දැකගන්න පුළුවන් ආකාරයේ අවංක විමර්ශනයක් කරන්න කියලයි අපි ඉල්ලා සිටියේ . දැන් ඡන්දයක් එන නිසා විවිධ කණ්ඩායම් කීපයක් ඒගොල්ලන්ගෙ ප්‍රතිපත්ති සහ පාස්කු ප්‍රහාර විමර්ශනය ගැන මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා අපට දැනුම් දීලා තියෙනවා. රදගුරු මණ්ඩලය ඒ ගැන සතුටු වුණා. ඒ වගේම දැන් පවතින රජයත් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට අවශ්‍යයි කියලා අපිට දැනුම් දුන්නා  .අපි ඒකට සතුටු වුණා. ඒ නිසා අපි ඒ අයත් එක්ක සාකච්ඡා කරන්නට ඉදිරිපත් වෙච්ච වෙලාවේදී ඒ සාකච්ඡාව අවංක චේතනාවකින් කරන ලද ආරාධනයක් නොවන බව පැහැදිලි වන ආකාරයේ ප්‍රකාශයක් අපේ රටේ නායකයා විසින් කරනු ලැබුවා  .එනම් මේ කටයුතුවලදී  තම කමිටුවකට පත්වීම් ලබන නිසා නීතිපතිතුමා එතුමාගේ කාලය තව මාස හයකින් දීර්ඝ කරනවා කියලා  ජනාධිපතිතුමා කළ ප්‍රකාශය  එය සම්පූර්ණයෙන්ම  අප නොමග යැවීමක් හැටියටයි  අපි  දකින්නේ. මොකද නීතිපතිතුමා කියන්නේ එක්කෙනෙක් නෙමෙයි  එතුමාගේ කාලය අවසන් වුණාම තවත් නීතිපති කෙනෙක් පත් කරගන්න පුළුවන් . අපට ප්‍රශ්නයක් නෑ. නීතිපතිතුමාගේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධව රදගුරු මණ්ඩලයෙන් අහන්න කියන  එක  මහා මෝඩ කතාවක්නේ. රදගුරු මණ්ඩලය දන්නවයැ නීතිපතිතුමාගේ සේවා කාලයේ දික් කරන්නට මොනවද හේතු වුණේ කියලා .අපි දන්නේ නැහැනේ  . අපෙන් අහන්න කියන  එක මහ මෝඩ වැඩක්  .අපිව අමාරුවේ දාන්න කරන වැඩක් .රදගුරුතුමන්ලව අමාරුවේ දාන්න කරන වැඩක්  .ඇයි අපිට බැහැනේ නීතිපතිතුමාගේ සේවය දික් කරන්න .  එහෙම කරන්න හේතුව මොකක්ද කියලා අපි දන්නෙත් නැහැ  .ඉතින් ජනාධිපතිවරයා එහෙම කීම තුළ අපි දැක්කා යම් ආකාරයක යටිකූට්ටු වැඩපිළිවෙළක්  .ඒ නිසා අපට සිද්ධ වුණා ඒ  සාකච්ඡා ප්‍රතික්‍ෂේප කරන්නට ඒ වගේම අපිව පාවිච්චි කරමින් යුක්තිය ඉෂ්ට කිරීමට උත්සාහ කරනවා කියලා පෙන්වමින් ජනතාවගේ හිත දිනා ගැනීමට සහ ඡන්දයට එය පාවිච්චි කරන්නට යම්කිසි කෙනෙක් ඉදිරිපත් වෙනවා නම්  ඒක අවංක චේතනාවකින් කරන වැඩක් නොවන බවත් පැහැදිලියි.

කමරාගොඩ මීසම බාර  ටිරෝන් අජිත්  පියතුමාගේ අනුශාසනාව සහ මෙහෙයවීම මත  දේවස්ථාන කිතුණු සංඝය මගින් සංවිධානය කර තිබූ මෙම  ජුබිලි මංගල්‍යය  සහ  දේව මෙහෙය සඳහා  ප්‍රදේශයේ  බෞද්ධ භික්ෂූන් වහන්සේ  සහ  බොදුනු  ජනතාව විශාල පිරිසක් එක්ව  සිටියහ.  මංගල්‍යය කටයුතු වෙනුවෙන් දේවස්ථානයේ  වැඩ කටයුතු රැසකට ඔවුන්ගේ පූර්ණ දායකත්වය ලබා දී  තිබීම  කැපී පෙනෙන්නට තිබිණ. 



අදහස් (5)

‘‘ජනපති කතෝලික සභාව නොමඟ යැව්වා‘‘

Nalin Sunday, 09 June 2024 07:12 PM

පොඩි බබ්බු...

:       12       97

රංපොඩ Sunday, 09 June 2024 07:19 PM

අනේ මන්දා මේ ප්‍රශ්නය මොකද්ද කියලා. ඒ ඝාතන කරපුු අන්තවාදීන් හිරේ නේද? මේකට දේශපාලනය පැටළිලා දැන් මොකද්ද කියලා හඳුනාගන්න බෑ. ඒක ම්ලේච්ඡ අන්තවාදීන්ට වාසියක්...!

:       15       87

Don perea Sunday, 09 June 2024 07:49 PM

මෙම ඝාතනය සමහර මිනිස්සුන්ට ජෝක් එකක් වගේ, පුදුම ජාතියක්...

:       0       0

පිටරැටියා Monday, 10 June 2024 02:21 AM

ලංකාවේ බලලෝබී බඩගෝස්තරවාදී කාලකන්නි දූශිත දේසපාලුවෝ කවදත් කෙරුවේ මුලුමහත් ජනතාව ගොනාට අන්දවපු එක තමා .එහෙව් උන්ට කතෝලික සභාව අන්දවන එක ඒ හැටි දෙයක් ද?

:       0       0

Asanga thiththagalla gamage Monday, 10 June 2024 10:14 AM

අනේ පව් මේගොල්ලන්ව නොමග යවන්න හරි බාබාලනේ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1061 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site