(ටී.කේ.ජී.කපිල )
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(16) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවූයේය.
ඒ මහතා ගුවන් තොටුපළෙහි විවිධ අංශවල කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමටත්, ගුවන් මගීන්ට වැඩි පහසුකම් ලබාදීමටත් පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙතින් ගුවන් තොටුපළ තුළට පිවිසි ජනාධිපතිවරයා, සාප්පු සංකීර්ණය , ආගමන විගමන පරිශ්‍ර , රේගු පරිශ්‍ර , කුලී රථ කවුළු , බැංකු පරිශ්‍ර , මගී ගමන් මලු හුවමාරු අංශ , සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය , ගුවන් යානා වෙත පිවිසෙන දොරටු සහ පැමිණීමේ පර්යන්තය පරීක්ෂාවට ලක් කළේය. ඒ අතරතුර ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි දෙස් විදෙස් සංචාරයන් සමග ද සුහද පිළිසදරක ද නිරත වූයේය.
(ඡායාරූප - නාලක සංජීව දසනායක)
(ඡායාරූප - ටී.කේ.ජී.කපිල)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජනපති කටුනායක ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක
Asanga Thursday, 16 January 2020 02:05 PM
දීර්ඝායු ජනපතිතුමනි...................!
chandima Thursday, 16 January 2020 03:36 PM
මේ පරීක්ෂාව නම් ඉතාම හොඳයි. එක වතාවක් මම ශ්‍රී ලංකාවට එද්දී විදුලි සෝපාන යතුරුපුවරුවට අත තැබීමට පවා අප්‍රිය ලෙස කුණු බැඳී තිබුණා දුටුවා. ඒ වගේම සුදු යකඩින් තැනූ බිත්ති නිසිලෙස පිරිසිදුව තිබුනේ නැහැ. මෙය අනෙක් ජාත්‍යන්තර ගුවන් තොටුපල හා සැසඳීමේදී ඉතා අප්‍රසන්නයි. ලංකාවේ තීරුබදු සහිත සාප්පු සංකීර්ණය කොටුවේ වෙළඳ පොළක් හා සමානයි. ලොව නමගිය භාණ්ඩවල දේශීය වෙළඳ නියෝජිතයින්ට එහි තැනක් නැහැ. ඉඩ ලබාදී ඇත්තේ දේශපාලන හෙන්චයියලාට පමණයි. එ් නිසාම ලංකාවට පැමිණෙන බොහෝදෙනා ගෙනඒමට ඇලුම් කරන නමගිය මත්පැන් බෝතලයක්වත් ලංකාවෙන් මිලදී ගැනීමට බයනිසා පිටරටින්ම රැගෙන එනවා. මේ වෙළඳ සංකීර්ණය වෙනත් රටවල ගුවන් තොටුපොලවල වැනි ජාත්‍යන්තර තත්වයට ගෙන එ්ම අත්‍යාවශ්‍යයි. අවශ්‍ය නම් ගුවන් පාලමක් මගින් සම්බන්ධ කර දුරස්ථව තවත් වෙළඳ ගොඩනැගිල්ලක මෙවැනි පෙට්ටි කඩ කාරයින්ට ඉඩ ලබාදී එයට අනුයුක්තව තවත් රේගු අංශයක් සහ ආගමන කවුන්ටර් පිහිටුවිය හැකියි.
RaveendraThursday, 16 January 2020 06:10 PM
ඔබගේ අදහස් අගයන්නෙමු. එමෙන්ම ශ්‍රිලාංකිය අනන්‍යතාවය වන සිනාවකින් ආගන්තුකයන් සුහදව පිළිගන්න ඒ අපගේ මිලකළ නොහැකි එම ගුණාංගය එහි සේවය කරනා පුරවැසියන්ගේ මුහුණු වල නම් අප කිසිවිට දැක නැති බවත් කනගාටුවෙන් දැන්වීමට කැමැත්තෙමු. වැඩිදෙනෙකු සිටින්නේ බයිසිකල් හැඩල් ගිලපු මිනිසුන් ලෙසය.
wikcy Thursday, 16 January 2020 04:15 PM
දුම්රිය දෙපාර්තමේන්තුවට පැමිණෙන්න. අපි වැඩට යන වේලාවලට වනවාසල, එඬේරමුල්ල, හොරපේ දුම්රිය ස්ථානවලට එන්න. උදේට වැඩට යන්න දුම්රිය කීයක් තියෙනවද? කොච්චර මගීන් ප්‍රමාණයක් නිකරුනේ වෙලාව දුම්රිය ස්ථානවලට වැය කරනවද කියලා බලන්න. හවසටත් එහෙමයි.. ඔය මොනවා කළත්, අන්තිමට රටේ ජනතාවට වෙලාවට වැඩට යන්න පිළිවෙලක් නැත්නම් වැඩක් නැහැනේ. විනාඩි 30ක දුම්රිය ගමනකට දුම්රිය පලේ පැයක් තපින්න ඕනෑ. කියන්න කෙනෙක් නැහැ.. ඔබතුමා ඕනෑම තැනකට එන්නේ නැත්තේ අැයි කියලා... එ්ක නම් ලොකු ගැටළුවක් මගියෙක් හැටියට...
jayasekara Friday, 17 January 2020 04:41 AM
අපෝ සහතික ඇත්ත. හරියට බස් හෝල්ට් එකක් වගේ. අපි කොච්චර බැන්නත් ඉන්දියාවේ ගුවන් තොටුපළවල් හරිම නවීනයි. දිල්ලි, මුම්බායි හරියට ඩුබායි ගුවන් තොටුපළ වගේ.