IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජනපති ඉන්නෙ පොහොට්ටුව එක්ක

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පොහොට්ටුව නිසි වේලාවේදී නිවැරැදි තීන්දුව ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැමවිටම නිවැරැදි තීන්දුව ගන්නා බවද අමාත්‍යවරයා කීය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමකට අද (20) දින සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ලබා දුන් පිළිතුරු මෙසේය

ප්‍රශ්නය - මොකක්ද අද තත්ත්වය?

පිළිතුර - හොඳ මට්ටමේ යනවා.

ප්‍රශ්නය - ඔබතුමා කගේ පැත්තෙද ඉන්නේ? ජනාධිපතිතුමාගේ පැත්තෙද? පොහොට්ටුවේද?

පිළිතුර - ජනාධිපතිතුමත් ඉන්නේ පොහොට්ටුවත් එක්කනේ. අපි කාගෙවත් පැත්ත ගන්නේ නෑ. අපි හැමෝම ඉන්නේ එක පැත්තේ.

ප්‍රශ්නය - ඊළඟ ජනාධිපතිවරණයටත්  ඉදිරිපත් කරන්නේ එතුමා ද?

පිළිතුර - ඒක පක්ෂය තීන්දු කරනවා ඉස්සරහට.

ප්‍රශ්නය - තීන්දුව අරගෙනද තියෙන්නේ.

පිළිතුර - ඉස්සරහට ගන්නවා.

ප්‍රශ්නය - ජනාධිපතිතුමා කියලද තීන්දුව ගන්නේ?

පිළිතුර - පක්ෂය තීන්දුව ගත්තම දැන ගන්න ලැබෙයි.



අදහස් (7)

ජනපති ඉන්නෙ පොහොට්ටුව එක්ක

Dharmatileke Wednesday, 20 March 2024 04:20 PM

පොහොට්ටුවෝ ජනාධිපතිගේ පිට කසනවා... ජනාධිපති පොහොට්ටුවන්ගේ පිට කසනවා.

:       8       45

Nimal Wednesday, 20 March 2024 04:24 PM

ජනාධිපතියි, එයත් එක්ක එකට ඉන්න පොහොට්ටුවයි මී ළඟ මැතිවරණයේදී සුනේ සුන්...

:       12       38

Akila Wednesday, 20 March 2024 04:53 PM

ළමයිනුත් නැති වයසක රනිල්ට ලැජ්ජාවක් නැත්ද මුළු රටම එපා කියපු රටම විනාශ කරපු හොරු ටිකට බලය ආපහු අරන් දෙන්න මෙච්චර මහන්සි වෙන්න...!

:       8       32

Kazi Shajahan Wednesday, 20 March 2024 05:02 PM

ඔව්, දැන් පොහොට්ටුවට තියෙන්නේ රනිල් සරණන් තමයි. මොකද එයාලාට කොන්ද පණ තියෙන නායකයෙක් නැහැ ජනාධිපති කරන්න.

:       4       40

රුවන් Thursday, 21 March 2024 06:08 AM

පොහොට්ටුව මේ පාර දේශපාලන පොතෙන් මකලා දානවා මිනිස්සු. ඔබතුමා ඇතුළු පොහොට්ටු සාමාජිකයෝ මේ පාර කුජීත වෙල ගෙදර ඉන්න තමයි වෙන්නේ. ඒ නිසා දැන්ම දෙසපලනයෙන් ඉවත්වෙන්න.

:       1       4

Perera Thursday, 21 March 2024 07:45 AM

හොරු වෙනුවෙන් හොරු

:       1       5

Rohana Thursday, 21 March 2024 09:15 AM

එතකොට පොහොට්ටුවේ සාමාජිකත්වය නැති රනිල් පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයෙක් වෙන්නෙ කොහොමද ?

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site